(දයාරත්න ඇඹෝගම)
තන්තිරිමලය තම්බියාව ප්‍රථමික විද්‍යාලයේ පවතින ගුරු පුරප්පාඩු පුරවා දෙන ලෙස ඉල්ලා එම විද්‍යාලයේ සිසුන් සහ ඔවුන්ගේ දෙමාපියන් පිරිසක් අද (29) උද්ඝෝෂණයක නිරතවුහ.
දැනට මෙම පාසලේ ඉගැන්විමේ කටයුතු සඳහා ගුරුවරු තිදෙනෙකුගේ පුරප්පාඩුවක් පවතින බව දෙමාපියෝ පවසති.
දැනට සිටින ගුරුවරු තිදෙනා ගෙන් එක් ගුරුවරියකද ප්‍රසුත නිවාඩු ලබා ලබන මස සිට පාසලට නොපැමිණෙන නිසා ගුරු පුරප්පාඩුව තව දුරටත් ඉහළ යන නිසා කඩිනමින් පාසලට ගුරුවරු ලබා දෙන ලෙස ඉල්ලා දෙමාපියෝ මෙසේ උද්ඝෝෂණයේ නිරතවූහ.
විල්පත්තුව සිවිල් ආරක්ෂක බලකා කාර්යාලය ඉදිරිපිටදී මෙම උද්ඝෝෂණය පැවැත්වුණි.
සියථ මාර්ග අවහිර කරමින් සිදුකළ මෙම උද්ඝෝෂණය හේතුවෙන් දැඩි වාහන තද බදයක් සිදුවු අතර පොලිසිය මැදිහත්වී වාහන ආපසු හරවා යැවීමට කටයුතු කළේය.
එම ස්ථානයට පැමිණි අනුරාධපුර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ජේ.එම්.කේ.ආර්.බණ්ඩාර මහතා විසින් පසුදින වන විට ගුරුවරු තිදෙනෙකු ලබාදෙන බවට පොරොන්දු විමෙන් පසුව උද්ඝෝෂණය අවසන් විය.
මෙදිනම තන්තිරිමලය ඥානවිමල පාසලේ දරුවන් සහ දෙමාපියන්ද පාසලට ගුරුවරු ලබා දෙන ලෙස ඉල්ලා එම පාසල ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරතවුහ.
මේ සම්බන්ධයෙන්ද මැදිහත්වු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ජේ.එම්.කේ.ආර්.බණ්ඩාර මහතා එම පාසලටද ගුරුවරු පස් දෙනෙකු ලබාදීමට පොරොන්දු වීමෙන් පසුව උද්ඝෝෂණය නිමාවට පත්විය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ මේ අපේ අධ්‍යපන ඇමති, උප ඇමති, නියෝජ්‍ය ඇමති ටික? අනේ දැන් අපිට පොඩි ළමයෙකුට පෙන්නන්න මේ ඉන්නේ අපේ අධ්‍යායපන ඇමති පුතේ කියන්න කෙනෙක් නැහැනේ. කට්ටියම විදේශ ගතවෙලාද දුප්පත් මිනිසුන්ගේ බදු මුදල් වලින්..???