(මොහොමඩ් බුහාර්ඩ්න්)
මාතලේ - ගලේවෙල පෞද්ගලික බස් රථ රියදුරන් හා සහයකයින් අද (30) සිය ධාවන කටයුතු වලින් ඉවත් වී වර්ජනයක නිරතව සිටිති.
මධ්‍යම පළාත් ප‍්‍රවාහන අධිකාරියේ වේලා සටහන්කරුවෙකු පෞද්ගලික බස් රථ කොන්දොස්තරවරයෙකුට පහරදිමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇති වු ගැටළුවක් මත මෙම වර්ජනය අරඹා තිබේ.
අද (30) උදෑසන 7 ආරම්භ කළ මෙම වැඩවර්ජනය හේතුවෙන් නිසි වෙලාවට බස් රථ නොමැතිවිම නිසා මාදිපොල හා අකුරම්බොඩ මාර්ග වල ගමන් කරන මගින් දැඩි අපහසුතාවයට පත් විය.
බස් රථ සේවකයින් කියා සිටින්නේ මේ සම්බන්ධයෙන් මධ්‍යම පළාත් ප‍්‍රවාහන අධිකාරිය බලධාරින් දැනුවත් කර ඇති නමුත් මෙම ගැටලූවට විසඳුමක් මේ වනතුරුත් ලැබි නොමැති බවත් තම ඉල්ලිම් වලට සාධාරණය ඉටුවන තුරු අඛණ්ඩ වර්ජනයේ නිරතව වන බවත් ඔවුහු පැවසූහ.
මේ සම්බන්ධයෙන් මධ්‍යම පළාත් ප‍්‍රවාහන අධිකාරියේ සභාපති චින්තක ඒකනායක මහතාගෙන් කළ විමසීමකදී කියා සිටියේ මෙම ගැටළුවට සම්බන්ධ බස් රථ සේවකයින් හා අදාළ නිලධාරීන් සමඟ සාකච්ඡා කර විසදුමක් ලබා දෙන බවයි.

2025 දෙසැම්බර් මස 18
249
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
181
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මාතලේ ගලේවෙල පෞද්ගලික බස් වර්ජනයක්