ගෙවල් බිඳුම් වලට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු රත්මලානේදී අල්ලයි
පිළියන්දල , ගල්කිස්ස ,මොරටුව ,බොරලැස්ගමුව යන ප්රදේශවල දිවා කාලයේ නිවැසියන් නොමැති අවස්ථාවල නිවාස බිඳ රුපියල් ලක්ෂ විස්සකට අධික භාණ්ඩ සොරා ගත් සැකකරුවන් දෙදෙනෙකු හෙරොයින් මිලිග්රෑම් 550ක් සමඟ රත්මලාන දුම්රියපොළ අසලදී අද (24) අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය කියයි.