පාතාල සාමාජිකයකුගේ පෙම්වතිය ඇතුළු 3ක් කේරල ගංජා සමඟ අල්ලයි සුඛෝපභෝගී මෝටර් රථයකින් රුපියල් ලක්ෂ 15ක් පමණ වටිනා කේරල ගංජා තොගයක් ප්‍රවාහනය කරමින් සිටි කාන්තාවක් ඇතුළු පුද්ගලයන් තිදෙනෙකු බණ්ඩාරගම ගල්කුඩේදී අද(22) අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාස නීතිය බල ගැන්වීමේ ඒකකය කියයි. 22 January 2019
අල්ලස් ගත් බන්ධනාගාර නියාමකවරයාට 24 වසරක සිරදඬුවම් සුදු බීඩී ළඟ තබාගැනීම සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට රුපියල් 5,000/-ක අල්ලසක් ගැනීමේ චෝදනාවට වරදකරු වු තංගල්ල සුරාබදු නියාමකවරයාට වසර 24 ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා එම සිරදඬුවම වසර 8ක කාලයකින් ගෙවී යන අන්දමට ක්‍රියාත්මක කරන්නැයි නියම කළේය. 22 January 2019
පාදුක්කේ දළඹුවෝ පරීක්ෂණයට හොරණ යවති පාදුක්ක වේරගල ප්‍රදේශයේ පතෝල කොරටුවක විශාල වශයෙන් සිටි ‘‘සේනා’’ දළඹුවන්ට සමාන ශරීර ලක්ෂණ පෙන්වන දළඹුවන් විශේෂයක් අද (22) සොයා ගැනීමෙන් පසු පරීක්ෂණ කටයුතු සදහා හොරණ කෘෂිකර්ම පර්යේෂණ ආයතනය වෙත යැවීමට කටයුතු කළ බව පාදුක්ක ගොවිජන සේනා මධ්‍යස්ථානය පවසයි. 22 January 2019
තොරතුරක් ඇත්නම් දැනුම් දෙන්න විදේශ රැකියා සඳහා පිටත්ව ගොස් කිසිදු තොරතුරක් නොමැති ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් පිළිබදව තොරතුරු ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජන සහාය පතයි. 22 January 2019
සේනා දළඹුවා ගෝවා - නෝකෝල් වගාවලටත් පනී බඩඉරිඟු සහ තවත් බෝග කීපයක ව්‍යාප්ත වී සිටින සේනා දළඹු වසංගතය මේවන විට මාතලේ දිස්ත්‍රික්කයේ ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඇති ගෝවා සහ නෝකෝල් වගාවට ද ව්‍යාප්ත වෙමින් පවතින බව ගොවීහු පෙන්වා දෙති. 22 January 2019
දංකැටියේ ව්‍යාපාරිකයකුගෙන් ලක්ෂ 22 ක් කොල්ල කා පලා යයි බටපොල දංකැටිය ප්‍රදේශයේ දී අද (22) දහවල් ව්‍යාපාරිකයකුගේ රුපියල් ලක්ෂ 22 ක් කොල්ල කා ඇති බව පොලිසිය පවසයි. 22 January 2019
සැඟව සිටි සැකකරුවකු අල්ලයි පුද්ගලයන් තිදෙනෙකුට පිහියෙන් ඇන තුවාල සිදුකර සැඟව සිටි පුද්ගලයෙකු අද(22) අවුලුගම - මාරව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය පවසයි. 22 January 2019
සමූපාකාර ග්‍රාමීය බැංකු සාමාජිකයෝ උද්ඝෝෂණයක අවිස්සාවේල්ල ආසනයේ සමූපාකාර ග්‍රාමීය බැංකු සංගමයේ සාමාජිකයෝ පිරිසක් බස්නාහිර පළාත් සභා ප්‍රධාන බත්තරමුල්ලේ පිහිටි ගොඩනැගිල්ල ඉදිරිපිට අද(22) උද්ඝෝෂණයක් සංවිධානය කර තිබිණි. 22 January 2019
මෝදක ගුලි සමඟ වෛද්‍යවරයෙක් අත්අඩංගුවට බද්දේගම ඉඳිගස්කැටිය ප්‍රදේශයේ ආයුර්වේද බෙහෙත් ශාලාවක තිබී බලපත්‍ර නොමැතිව නිතිවිරෝධී ලෙස නිෂ්පාදනය කරන ලද මෝදක ගුලි 1550ක් සමඟ එහි හිමිකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 22 January 2019
පොලී මුදලාලි ගෝලයෙකුගේ අත කපයි මතුගම නගරයේ තුරඟ තරඟ මධ්‍යස්ථානයක් පිටුපස දී මුදල් පොලියට ලබා දෙන පුද්ගලයෙකු තියුණු ආයුධයකින් සේවකයෙකුගේ අතක් වෙන්වන සේ කපා දමා පලා ගොස් ඇතැයි මතුගම පොලිසිය කියයි. 21 January 2019
ටිපර් රථයකට යටවීමෙන් පුද්ගලයකු මියයයි කොළඹ හලාවත මාර්ගයේ වයික්කාල රේල් ගේට්ටුව අසල රැඳී සිටි පුද්ගලයකු ටිපර් රථයකට යටවීමෙන් එම ස්ථානයේදීම අද (21) මිය ගොස් ඇති බව වෙන්නප්පුව පොලිසිය කියයි. 21 January 2019
ඉමදුවේ ගබඩාවක තිබූ සේනා දළඹුවන් සහිත බඩඉරිඟු තොගයක් විනාශ කෙරේ අඟුළුගහ ඇළපහල ප්‍රදේශයේ තොග වෙළෙන්දෙකුගේ නිවසේ කාමරයක ගබඩා කර තිබූ සේනා දළඹුවන් සහිත බඩ ඉරිඟු කරල් 2000 ක් සොයා ගැනීමෙන් පසු එම බඩ ඉරිඟු කරල් තොගය අද (21) ගිනිතබා විනාශ කළ බව ඉමදුව මූලස්ථාන කෘෂි උපදේශක කාර්යාලය කියයි. 21 January 2019
මත් පෙති තොගයක් සමඟ අයෙක් අත්අඩංගුවට රුපියල් මිලියන 6කට අධික වටිනා ’’පිල්’’ නැමැති මත් පෙති තොගයක් සමඟ පුද්ගලයෙකු තලවතුගොඩ දී අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීහු සමත් වූහ. 21 January 2019
කන්ටේනර් රථයකට යටවී කාන්තාවක් මරුට යතුරුපැදියක් පදවාගෙන යමින් සිටි කාන්තාවක් අද (21) හොරණ පොකුණුවිට දී කන්ටේනර් රථයකට යටවීමෙන් එම ස්ථානයේදීම මිය ගොස් ඇතැයි හොරණ පොලිසිය පවසයි. 21 January 2019
ඉංගිරියේ දොළකින් මළ සිරුරක් හමුවේ ඉංගිරිය බටුගම්පල කුකුරදොළ ප්‍රදේශයේ නයිකෙළින දොළෙහි පාවෙමින් තිබූ මළ සිරුරක් අද(21) හමු වූ බව ඉංගිරිය පොලිසිය කියයි. 21 January 2019
උදේට මත් ද්‍රව්‍ය විරෝධී - රාත්‍රීයේ මත් පැන් සාද මත් ද්‍රව්‍ය නිවාරණය සඳහා ලෝක ප්‍රජාව , සංවිධාන හා පුද්ගලයන් එක්ව දැවැන්ත මත් ද්‍රව්‍ය විරෝධී සම්මන්ත්රණ හා සාකච්ඡා පවත්වා අවසානයේ දී රාත්‍රී කාලයේ මත් පැන් සාද පවත්වන බව උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක මහතා අද (21) අනුරාධපුරයේදී පැවසීය. 21 January 2019
‘සේනා’ විනාශකළ වගාවන්ට වන්දි ඉල්ලා ගොවීහු උද්ඝෝෂණයේ සමස්ථ ලංකා ගොවිජන සම්මේලනයේ නියෝජිතයෝ පිරිසක් රිදීමාලියද්ද ප්‍රදේශයේ බඩ ඉරිගු වගා කළ ගොවීන් සමඟ එක්ව අද(21) දවල් දෙහිගම ගම්මානයේදී උද්ඝෝෂණයක නිරතවූහ. 21 January 2019
ලාංකික ධීවරයෝ 10 ක් විදෙස් අත්අඩංගුවේ ශ්‍රී ලාංකික ධීවරයින් 10 දෙනෙකු මේ වන විට විදෙස් රටවල ආරක්ෂක අංශ අත්අඩංගුවේ පසුවන ධීවර දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 21 January 2019
කුඩාවැල්ල ඝාතනය සම්බන්ධයෙන් තවත් අයෙක් අත්අඩංගුවට තංගල්ල කුඩාවැල්ල ධීවර වරායේදී වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර සහ අනුබල දුන්නේ යැයි කියන පුද්ගලයකු අද(21) බෙලිඅත්ත ගලගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව තංගල්ල මූලස්ථාන පොලිසිය පවසයි. 21 January 2019
බඹර ප්‍රහාරයකින් කටුගස්තොට පාසලක සිසුන් 150 ක් රෝහලේ කටුගස්තොට ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ පාසැලක සිසුන් 150 දෙනෙකු පමණ බඹර ප්‍රහාරයට ලක්වී කටුගස්තොට සහ මහනුවර රෝහල්වලට ඇතුළත් කරනු ලැබ තිබේ. 21 January 2019
කුඩාවැල්ල ඝාතනයේ එක් සැකකරුවෙක් රිමාන්ඩ් කුඩාවැල්ල ධීවර වරාය තුළදී සිව් දෙනෙකු ඝාතනය කොට තවත් 07 දෙනෙකුට තුවාල සිදු කිරීමට සම්බන්ධ සැක කරුවෙකු අද (21) දින තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත් එල්.ටී වරුසවිතාන මහතා විසින් සැකකරු ලබන 25 දින දක්වා බන්ධනාගාර ගත කරන ලෙසට නියෝග කළේය. 21 January 2019
නීතී විරෝධීව මසුන් ඇල්ලු 5 ක් අත්අඩංගුවට නීති විරෝධී දැල් භාවිතා කරමින් මසුන් ඇල්ලූ පුද්ගලයින් 05 දෙනෙකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි. 21 January 2019
හොරෙන් දුම්වැටි ගෙනා දෙදෙනෙක් ගුවන්තොටේදී අල්ලයි විදේශයේ නිෂ්පාදිත දුම්වැටි තොගයක් ඩුබායි සිට නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනකු අද (21) කටුනායක ගුවන් තොටුපළේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය. 21 January 2019
14 වියැති දැරිය බලෙන් රැගෙන ගිය අය වසර දෙකකට පසු අසු වෙයි අවුරුදු14 ක පාසැල් දැරියක් පැහැරගෙන ගොස් වසර දෙකක් අඹු සැමියන් ලෙස ජීවත්වු 38 හැවිරිදි විවාහකයෙකු සැඟව සිටිය දි වසර දෙකකට පසු කුලියාපිටිය - පන්නල ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගත් බව නාඋල පොලිසිය කියයි. 21 January 2019
කුලියාපිටිය කාර්මික විද්‍යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් කුලියාපිටිය කාර්මික විදුහලට අයත් විද්‍යාලයීය කෘෂිකාර්මික ඩිප්ලෝමාව හදාරන සිසුන් ප්‍රායෝගික කටයුතු සිදුකරනු ලබන අක්කර 3ක පමණ භූමියෙන් අක්කරයක භූමිභාගයක් කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයට පවරා ගැනීමේ දේශපාලනික උත්සහය වහා හකුලාගන්නා ලෙස බලකරමින් උද්ඝෝෂණයක් කුලියාපිටිය කාර්මික විද්‍යාල පරිශ්‍රය ඉදිරියේදී අද (21) පැවැත්විණ. 21 January 2019
පැල් රකිමින් සිටි අයෙක් වල් අලි පහරකින් මරුට සේරුනුවර පොලිස් වසමට අයත් මේන්ගම වෙල්යාවේ පැල් රකිමින් සිටි පුද්ගලයෙකු අද (21) අලුයම වල් අලියෙකුගේ ප්‍රහාරයකින් එම ස්ථානයේදීම මියගොස් ඇතැයි පොලිසිය කියයි. 21 January 2019
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී රූපසිරි විද්‍යාරත්න මහතා අභාවප්‍රාප්ත වෙයි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී රූපසිරි විද්‍යාරත්න මහතා එංගලන්තයේ ලන්ඩන් නුවරදී අභාවප්‍රාප්ත විය. 20 January 2019
රථ වාහන ඇතුළු විවිධ වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 3808 ක් අත්අඩංගුවට මුළු දිවයින ආවරණය වන පරිදි පැය 4 ක් පුරා සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකින් විවිධ රථවාහන ඇතුලූ වැරදි වලට සම්බන්ධ පුද්ගලයන් 3808 දෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මුලස්ථානය කියයි. 20 January 2019
අවසරයක් නැතිව විසිතුරු මසුන් මෙරටට ගෙනආ අයෙක් රේගුවේදී අල්ලයි නිසි අවසරයකින් තොරව විසිතුරු මසුන් තොගයක් සිංගප්පූරුවේ සිට මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද (20) කටුනායක ගුවන් තොටුපළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය . 20 January 2019
කෝටියක හෙරොයින් සමඟ තිදෙනෙකු දැලේ රුපියල් කෝටි එකහමාරකට අධික වටිනා හෙරොයින් මත් කුඩු තොගයක් සමඟ පුද්ගලයින් තිදෙනකු අත්අඩංගුවට ලත් බව නුගේගොඩ දිසා දුෂණ මර්ධන ඒකකය කියයි. 20 January 2019
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026