(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
යතුරුපැදියක් පදවාගෙන යමින් සිටි කාන්තාවක් අද (21) හොරණ පොකුණුවිට දී කන්ටේනර් රථයකට යටවීමෙන් එම ස්ථානයේදීම මිය ගොස් ඇතැයි හොරණ පොලිසිය පවසයි.
අනතුරින් මිය ගොස් ඇත්තේ හොරණ පොකුණුවිට බණ්ඩාරවත්ත පදිංචි ශාන්ති නයනා නැමැති 52 හැවිරිදි දෙදරු මවක් බව පොලිසිය කියයි.
මියගිය කාන්තාව බණ්ඩාරගම දෙස සිට යතුරු පැදියෙන් හොරණ දෙසට යමින් සිටියදී එම දිශාවට ධාවනය වූ කන්ටේනර් රථයේ පිටුපස රෝදයට යටවී මෙම අනතුර සිදු වී ඇතැයි පොලිසිය පවසයි.
කන්ටේනර් රථයේ පිටුපස රෝදයට එම කාන්තාවගේ හිස හසුවී ඇති අතර සිද්ධියෙන් පසු කන්ටේනර් රථයේ රියදුරු පොලිසිය වෙත භාර වූ බව පොලිස් නිලධාරියෙකු පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd