(ටී. කේ. ජී. කපිල )
විදේශයේ නිෂ්පාදිත දුම්වැටි තොගයක් ඩුබායි සිට නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනකු අද (21) කටුනායක ගුවන් තොටුපළේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය.
මොවුන් දෙදෙනාගේ ගමන්මලුවල රුපියල් 29,40,300 වටිනා ඩුබායිහි නිෂ්පාදිත ටොප් මවුන්ටන් සහ ගෝල්ඩ් ලීෆ් වර්ගයේ දුම්වැටි 53,460 ක් තිබූ බව රේගු නිලධාරීහූ පවසති.
අත්අඩංගුවට ගත් සැකකරුවෝ කොළඹ, අලුත්කඩේ සහ මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි 18 සහ 40 හැවිරිදි පුද්ගලයෝ වෙති.
ඔවුන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ " හරිත මාවත " ඔස්සේ පිටව යෑමට තැත් කරමින් සිටියදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd