(ටී. කේ. ජී. කපිල )
විදේශයේ නිෂ්පාදිත දුම්වැටි තොගයක් ඩුබායි සිට නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනකු අද (21) කටුනායක ගුවන් තොටුපළේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය.
මොවුන් දෙදෙනාගේ ගමන්මලුවල රුපියල් 29,40,300 වටිනා ඩුබායිහි නිෂ්පාදිත ටොප් මවුන්ටන් සහ ගෝල්ඩ් ලීෆ් වර්ගයේ දුම්වැටි 53,460 ක් තිබූ බව රේගු නිලධාරීහූ පවසති.
අත්අඩංගුවට ගත් සැකකරුවෝ කොළඹ, අලුත්කඩේ සහ මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි 18 සහ 40 හැවිරිදි පුද්ගලයෝ වෙති.
ඔවුන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ " හරිත මාවත " ඔස්සේ පිටව යෑමට තැත් කරමින් සිටියදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
හොරෙන් දුම්වැටි ගෙනා දෙදෙනෙක් ගුවන්තොටේදී අල්ලයි