(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පුද්ගලයන් තිදෙනෙකුට පිහියෙන් ඇන තුවාල සිදුකර සැඟව සිටි පුද්ගලයෙකු අද(22) අවුලුගම - මාරව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය පවසයි.
සැකකරු පසුගිය දෙසැම්බර් 16වැනිදා අවුලුගමදී පුද්ගලයන් පිරිසක් අතර ඇති වූ ආරවුලක් හේතුවෙන් පුද්ගලයන් තිදෙනෙකුට පිහියෙන් ඇන තුවාල සිදුකර ප්‍රදේශය අතහැර පලා ගොස් සිටි අයෙක් බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් පුද්ගලයා සතුව තිබී ගෝනුන්ගේ අංතට්ටු තුනක් අඩි තුනක් පමණ දිග රේල් පීල්ලක් ද සොයා ගෙන ඇත.
පොලිසිය ලද තොරතුරකට අනුව මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd