(ඉන්දික අරුණ කුමාර)
අවුුරුදු 14 ක පාසැල් දැරියක් පැහැරගෙන ගොස් වසර දෙකක් අඹු සැමියන් ලෙස ජීවත්වු 38 හැවිරිදි විවාහකයෙකු සැඟව සිටිය දි වසර දෙකකට පසු කුලියාපිටිය - පන්නල ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගත් බව නාඋල පොලිසිය කියයි.
2017 – 02 – 07 වන දින දැරිය පාසල් යන අවස්ථාවේ සැකකරු විසින් ඇය පැහැරගෙන ඇති බවට ඇගේ මව්පියන් විසින් නාඋල පොලිසියට සිදුකරන ලද පැමිණිල්ලකට අනුව සැකකරු සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබිණි.
අවස්ථා ගණනාවක දී නාඋල පොලිසියේ නිලධාරීන් ලද තොරතුරුවලට අනුව සැකකරු සොයා ඇති අතර අවස්ථා කිහිපයකදීම ඔහු විවිධ ප්‍රදේශවල ජීවත් වී ඇති බව පොලිසිය කියයි.
අධිකරණ නියෝග මත සැකකරුගේ දුරකතන සංවාද සම්බන්ධයෙන් කුළුණු වාර්තා ලබාගනිමින් හා බැංකු ගනුදෙනු සම්බන්ධයෙන් වසර දෙකක් පුරා සිදුකරන ලද දීර්ඝ විමර්ශනයකින් අනතුරුව සැකකරු හා දැරිය අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සැකකරු හා දැරිය නාඋල පොලිස් බල ප්‍රදේශයේ පදිංචි අයවලුන් බවට පොලිසිය කරුණු අනාවරණය කර ගෙන තිබේ.
සැකකරු අද (21) නාඋල මහේස්ත්‍රාත් අධීකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර දැරිය දඹුල්ල අධිකරණ වෛද්‍ය නිලධාරියාට ඉදිරිපත් කරන බව පොලිසිය සදහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය අනුමත කල නොහෙකි ක්‍රියාවක්..... එහෙත් මේ දැරිය මේ තැනැත්තා සමග ප්‍රේම සම්බන්දයක් මත පැන ගොස් ඇති බව පැහැදිලියි.නමුත් ලංකාවේ නීතිය අනුව මේ තැනැත්තාට ස්ත්‍රී දුෂණ චෝදනාව යටතේ නඩු පැවරීමක් සිදු වෙයි. මෙහි ප්‍රතිඵලය මේ දැරිය ඇත්ත වශයෙන්ම අනතවීම පමණි.