(අනීෂා මානගේ)
තංගල්ල කුඩාවැල්ල ධීවර වරායේදී වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර සහ අනුබල දුන්නේ යැයි කියන පුද්ගලයකු අද(21) බෙලිඅත්ත ගලගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව තංගල්ල මූලස්ථාන පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ බෙලිඅත්ත නාකුළුගමුවල ගලගම පදිංචි 31 හැවිරිදි අයෙකි.
තංගල්ල කුඩාවැල්ල ධීවර වරායේදී ඉකුත් දෙසැම්බර් මස 25දින නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයින් සිව් දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තවත් හත් දෙනෙකු තුවාල ලැබීය.
වෙඩි තැබීම සිදුකළ සැකකරුවන් දෙදෙනා පලාගිය යතුරුපැදිය සඟවා තැබීම, තුවක්කුකරුවන් පැළඳ සිටි ආරක්ෂක හිස් වැසුම් ගිනි තබා විනාශ කිරීම සහ ආයුධ සඟවා තැබීම යන චෝදනා යටතේ මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd