(අනීෂා මානගේ)
තංගල්ල කුඩාවැල්ල ධීවර වරායේදී වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර සහ අනුබල දුන්නේ යැයි කියන පුද්ගලයකු අද(21) බෙලිඅත්ත ගලගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව තංගල්ල මූලස්ථාන පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ බෙලිඅත්ත නාකුළුගමුවල ගලගම පදිංචි 31 හැවිරිදි අයෙකි.
තංගල්ල කුඩාවැල්ල ධීවර වරායේදී ඉකුත් දෙසැම්බර් මස 25දින නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයින් සිව් දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තවත් හත් දෙනෙකු තුවාල ලැබීය.
වෙඩි තැබීම සිදුකළ සැකකරුවන් දෙදෙනා පලාගිය යතුරුපැදිය සඟවා තැබීම, තුවක්කුකරුවන් පැළඳ සිටි ආරක්ෂක හිස් වැසුම් ගිනි තබා විනාශ කිරීම සහ ආයුධ සඟවා තැබීම යන චෝදනා යටතේ මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
කුඩාවැල්ල ඝාතනය සම්බන්ධයෙන් තවත් අයෙක් අත්අඩංගුවට