(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මතුගම නගරයේ තුරඟ තරඟ මධ්‍යස්ථානයක් පිටුපස දී මුදල් පොලියට ලබා දෙන පුද්ගලයෙකු තියුණු ආයුධයකින් සේවකයෙකුගේ අතක් වෙන්වන සේ කපා දමා පලා ගොස් ඇතැයි මතුගම පොලිසිය කියයි.
බරලතල තුවාල ලද පුද්ගලයා වෑත්තෑව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව පොලිස් නිලධාරීන් පැමිණ සිද්ධිය වූ ස්ථානයේ වැටී තිබූ වම් අතෙහි වැල මිටෙන් පහළ කොටස රෝහලට රැගෙන ගොස් බාර දුන් බව පොලිසිය කියයි.
අත කැපීම සඳහා සොයා ගත් කඩුවක් එම ස්ථායේ තිබී පොලිසිය විසින් සොයා ගත් බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.
බරපතල තුවාල ලැබූ පුද්ගලයා වෑත්තෑව රෝහලෙන් මූලික ප්‍රතිකාර ලබා වෙන් වූ අතෙහි කොටසත් සමඟ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව රෝහල් ආරංචි මාර්ග කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd