IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


උදේට මත් ද්‍රව්‍ය විරෝධී - රාත්‍රීයේ මත් පැන් සාද

(දයාරත්න ඇඹෝගම)

මත් ද්‍රව්‍ය නිවාරණය සඳහා ලෝක ප්‍රජාව , සංවිධාන හා පුද්ගලයන් එක්ව දැවැන්ත මත් ද්‍රව්‍ය විරෝධී සම්මන්ත්‍රණ හා සාකච්ඡා පවත්වා අවසානයේ දී රාත්‍රී කාලයේ මත් පැන් සාද පවත්වන බව උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක මහතා අද (21) අනුරාධපුරයේදී පැවසීය.

උතුරු මැද පළාත් ආණ්ඩුකාරවර සරත් ඒකනායක මහතා අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර මහා විද්‍යාලයේ  පැවැති  ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් සංවිධානය කරන ලද දින 05ක් පුරාවට පැවැත්වෙන "මතින් නිදහස් රටක්" වැඩසටහනේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ආරම්භක උත්සවය අමතා එසේ පැවැසීය. 

මෙම වැඩසටහන තුළින් පාසල් දරුවන් අතර මත් ද්‍රව්‍ය භාවිතය තුරන් කිරීම සහ ඔවුන් හරහා වැඩිහිටි ප්‍රජාවගේ මත් ද්‍රව්‍ය භාවිතය අවම කිරීමේ  වැඩසටහන් ක්‍රියාත්මක වේ.

මෙම උත්සවයට සහභාගිවූ පාසල් ගුරුවරු සහ සිසුන් අමතමින් ආණ්ඩුකාරවරයා වැඩි දුරටත් මෙසේ පැවසීය.

     ‘‘සමහර වැඩිහිටියන් මත් ද්‍රව්‍ය විරෝධී සම්මන්ත්‍රණ හා සාකච්ඡා පවත්වා අවසානයේ දී රාත්‍රී කාලයේ මත් පැන් සාද පවත්වනවා. මේ තමයි වැඩිහිටි සම්ප්‍රදාය. දරුවන්ගේ සම්ප්‍රදාය එයට වඩා වෙනස් විය යුතුමයි. මෙවැනි වැඩසටහන් තුළින් ඔබට ලැබෙන දැනුම උපයෝගී කර ගනිමින් මතින් තොර ආදර්ශමත් ජනතාවක් ජිවත්වන පළාතක් ලෙස අඩිතාලම දැමීමට  හැකියාවක් ලැබෙනවා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සෞඛ්‍ය අමාත්‍යවරයාව සිටී අවධියේ දී මෙරටින් මත් ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම සඳහා දැවැන්ත සටනක් ආරම්භ කළා. එදා ඔහු සෞඛ්‍ය ඇමතිවරයා වශයෙන් මේ රටේ තරුණ පෙළ හා ආනගත පරපුර ආරක්ෂා කර ගැනීම සඳහා විවිධ නීතිමය පියවර ගෙන ඒමට කටයුතු කළා.

එහි ප්‍රතිඵලයක් වශයෙන් දුම්වැටි සහ මත්පැන් ප්‍රචාරය තහනම් කිරීමත් ඒවායෙන් සිදුවන  හානිදායක තත්වය සිගරට් පැකට්ටුවේම ප්‍රදර්ශනය කරවීමටත් පියවර ගත්තා.

ජනාධිපතිවරයාගේ එකම අභිලාෂය වී ඇත්තේ මත් ද්‍රව්‍ය උවදුර මේ රටින් තුරන් කර ඒ නිසා ජාතියක් වශයෙන් අපට මුහුණ පෑමට සිදු වී ඇත ව්‍යවසනයෙන් රටබේරා ගැනීම‘‘ බව හෙතෙම පැවැසීය.

මේ අවස්ථාවට ප්‍රධාන ලේකම් එච්.එම්.පී. බණ්ඩාර, ආණ්ඩුකාර ලේකම් ආනන්ද කුලරත්න, හිටපු පළාත් අමාත්‍ය සරත් ඉලංගසිංහ යන මහත්වරු ඇතුළු  නිලධාරීන් විශාල පරිසක් සහභාගී වූහ.

සිසු දරුවන් විසින් මත් විරෝධී වැඩ සටහනේදී පොස්ටර් ප්‍රදර්ශණය කළ ආකාරයත්,සිසුන්ගේ පෝසර් නිර්මාණ  ආණ්ඩුකාරවරයා නිරීක්ෂණය කළ අයුරුත් සේයාරු වලින් දැක්වේ.



අදහස් (0)

උදේට මත් ද්‍රව්‍ය විරෝධී - රාත්‍රීයේ මත් පැන් සාද

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 261 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 989 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site