යතුරු පැදියක ගමන් ගත් දෙදෙනෙකු බවුසරයක ගැටී එක් අයෙක් මරුට
මාතර සිට ගාල්ල දෙසට ගමන්ගත් යතුරු පැදියක පිටුපසින් පැමිණි ජල බවුසරයක අද (16) ගැටීමෙන් සිදුවූ අනතුරින් යතුරු පැදියේ පිටුපස ගමන් කරමින් සිටි තිදරු මවක් එම ස්ථානයේදීම මියගොස් යතුරු පැදිය පැදවූ මියගිය අයගේ ස්වාමිපුරුෂයා බරපතල තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කළ බව අහංගම පොලිසිය කියයි.