ගින්නකින් තුවාල ලැබූ වියපත් කාන්තාවක් රෝහලට පිළියන්දල මකුළුදූව නිවසක තනිව සිටි වියපත් කාන්තාවක් හදිසියේ ඇති වූ ගින්නකින් පිළිස්සුම් තුවාල ලබා කලුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව පිළියන්දල පොලිසිය පවසයි. 18 January 2019
සොරාගත් යතුරු පැදි 5 ක් සමඟ පුද්ගලයින් සිව්දෙනකු අත්අඩංගුවට කලුතර සහ පානදුර ප්‍රදේශවල මහමග නතර කර තිබූ යතුරු පැදි පහක් සොරාගෙන ඒවා කොටස් කර විකිණූ පුද්ගලයන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගත් බව කලුතර දිසා අපරාධ ඒකකය කියයි. 18 January 2019
දුම්රිය අනතුරකින් ඉතාලි ජාතිකයෙක් මරුට ගල්කිස්ස ඩී සේරම් පාරේ හෝටලයක් අසළ දුම්රිය මාර්ගයේ දුම්රිය අනතුරකින් ඉතාලි ජාතිකයකු මියගොස් ඇති බව පොලිසිය පවසයි. 18 January 2019
බලපත්‍ර නොමැතිව එළ ගවයන් ප්‍රවාහනය කළ ලොරියක් අත්අඩංගුවට මහනුවර මාතලේ මාර්ගයේ අකුරණ නගරයේදී අද (17) පොලිස් අණ නොතකා ධාවනය වූ ලොරි රථයක් ලුහු බැඳ ගොස් පරීක්ෂා කිරීමේදී එම ලොරියේ බලපත් රහිත එළ ගවයින් 11 දෙනෙකු ප්‍රවාහනය කරමින් තිබියදී අත්අඩංගුවට ගත් බව අලවතුගොඩ පොලිසිය කියයි. 17 January 2019
වයික්කාල වෙරළේ නාඳුනන මළ සිරුරක් වයික්කාල සින්ද්‍රාත්‍රිය වේලක්කන්නි දේවස්ථානය අසල මුහුදු වෙරළට නාඳුනන පිරිමි පුද්ගලයකුගේ සිරුරක් අද (17) ගොඩ ගසා තිබියදි හමුවු බව වෙන්නප්පුව පොලිසිය පවසයි. 17 January 2019
සබරගමු සරසවි සිසුන් අගමැතිට එරෙහිව විරෝධතාවයක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කුරුවිට බටුහේනේ පිහිටි සබරගමු සරසවියේ වෛද්‍ය පීඨය විවෘත කිරීමට විරෝධය පළ කරමින් බස් රථ දෙකකින් පැමිණි විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් පිරිසක් අද (17) වෛද්‍ය පීඨ පරිශ්‍රයට පැමිණෙන පාරට මීටර් 100ක් පමණ දුරින් විරෝධතාවයේ නිරත වූහ. 17 January 2019
රතිඤ්ඤා පත්තු කළ මහර විපක්ෂනායක ඇතුළු තිදෙනෙක් රිමාන්ඩ් රතිඤ්ඤා පත්තු කර බැන තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් මහර ප්‍රාදේශීය සභා විපක්ෂ නායක ඇතුළු තිදෙනෙකු 21 වැනි දා දක්වා රිමාන්ඩ් ගත කරන ලෙස මහර ප්‍රධාන මහේස්ත්‍රාත් හේශාන්ත ද මැල් මහතා නියම කළේය. 17 January 2019
ජල සම්පාදන මණ්ඩලයේ කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් ජාතික ජල සම්පාදන මණ්ඩලයේ සේවකයින්ගේ විරෝධතාවයක් අද(17)රත්මලාන ජාතික ජල සම්පාදන මණ්ඩල ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදී පැවැත්විණි. 17 January 2019
අවමංගල රථය පෙරළී මළසිරුරටත් හානි කටුවන මැදකන්ද ප්‍රදේශයේ මිය ගිය කාන්තාවක ගේ සිරුරක් රැගෙන ගමන් කළ අවමංගල රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරැළී තිබේ. 17 January 2019
වාහන තුනක් එකට ගැටී සිව් දෙනෙක් රෝහලේ බදුල්ල බණ්ඩාරවෙල මාර්ගයේ නඩුකාරකන්ද හන්දියේදී අද (17) ලෙරියක්, මෝටර් රථයක් හා යතුරුපැදියක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් තුවාල ලැබූ සිව් දෙනකු බදුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇතැයි හාලිඇල පොලිසිය පවසයි. 17 January 2019
වාහන තුනක් එකට ගැටී සිව් දෙනකු රෝහලේ බදුල්ල බණ්ඩාරවෙල මාර්ගයේ නඩුකාරකන්ද හන්දියේදී අද (17) ලෙරියක්,මෝටර් රථයක් හා යතුරුපැදියක් එකිඑක ගැටී සිදුවූ අනතුරකින් තුවාල ලැබූ සිව් දෙනකු බදුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇතැයි හාලිඇල පොලිසිය පවසයි. 17 January 2019
ආයුධයකින් බිරිඳට තුවාල සිදුකළ සැමියා අත්අඩංගුවට බිරිඳගේ පපු පෙදෙසට ඉස්කුරුප්පු නියනකින් ඇණ බරපතල තුවාල සිදුකළ බව කියන සැමියකු අත්අඩංගුවට ගත් බව මත්තේගොඩ පොලිසිය පවසයි. 17 January 2019
මුඛ-කුර රෝගය ව්‍යාප්තවීමෙන් කිරි ගොවියෝ අනතුරේ මාතලේ සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල ප්‍රදේශ ගණනාවක කිරි ගවයන්ට මුඛ සහ කුර රෝග සීඝ්රයෙන් ව්‍යාප්ත වීම හේතුවෙන් තමන් දැඩි දුෂ්කරතාවයකට පත්ව ඇතැයි ගලේවෙල දඬුබැඳිරුප්ප ප්‍රදේශයේ කිරි ගොවීහු පවසති. 17 January 2019
කෝකිලායි කළපුවේ තහනම් ධීවර දැල් අත්අඩංගුවට කෝකිලායි කළපුව ආසන්නයේදී නිතිවිරෝධි ලෙස මසුන් ඇල්ලීමට යොදා ගන්නා තහනම් ධීවර දැල් කිහිපයක් සොයා ගැනීමට නාවික හමුදාවට හැකි වී තිබේ. 17 January 2019
කේරළ ගංජා සමඟ අයෙක් අත්අඩංගුවට කේරළ ගංජා ළඟ තබාගෙන සිටි පුද්ගලයකු පුත්තලම පාලවියේදී අත්අඩංගුවට ගත් බව නාවික හමුදාවේ වයඹ නාවිකාවික විධානය පවසයි. 17 January 2019
අත්බෑගයේ හිමිකාරියගේ මළ සිරුරු හමුවෙයි අම්බලන්ගොඩ රන්දොබේ මුහුදු තීරයේ තිබී පෙරේදා (15) හමුවූ පාවහන් යුගලෙහි, බෑගයෙහි සහ දුරකතන හිමිකාරියගේ මළ සිරුර ඊයේ(16) සවස සොයා ගත්බව අම්බලන්ගොඩ පොලිසිය පැවසීය. 17 January 2019
මෝටර් රථවල කොටස් ගලවා අඩු මිලට විකිණූ අයියා - මලෝ අත්අඩංගුවට කුලී පදනම මත සුඛෝපභෝගී මෝටර් රථ ලබාගෙන එහි කොටස් ගලවා අඩු මිලට විකිණූ එකම පවුලේ සොහොයුරන් දෙදෙනෙකු වාහන 9ක් සමඟ අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි. 17 January 2019
පාසලට දරුවන් ඇතුළු කර නොගත්තැයි මව්පියෝ මාරාන්තික උපවාසයක් අරඹති වීරකැටිය රාජපක්ෂ ප්‍රාථමික විද්‍යාලයේ පළමු ශ්‍රේණිය සඳහා දරුවන් 33දෙනෙකු ඇතුළු කරනොගැනීමට විරෝධය දක්වා මාපියෝ පිරිසක් අද(17) වීරකැටිය රාජපක්ෂ මහවිද්‍යාලය අසළදී පොල් ගසා මාරාන්තික උපවාසයක් ආරම්භ කළහ. 17 January 2019
යතුරුපැදි - බස් රථ අනතුරකින් යතුරුපැදිකරු මරුට යතුරු පැදි දෙකක් අනතුරකට ලක්ව තිබූ අවස්ථාවක වේගයෙන් පැමිණි ඇගළුම් සේවිකාවන් ප්‍රවාහනය කරන බස් රථයක් එහි ගැටීමෙන් යතුරුපැදිකරු මිය ගොස් තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා හලාවත දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කළ බව හලාවත පොලීසිය කියයි. 17 January 2019
පුපුරණ ද්‍රව්‍ය තොගයක් වනාතවිල්ලුවෙන් සොයා ගනී වනාතවිල්ලුව කරඩිපූවල් ප්‍රදේශයේ පොල්වත්තක වල දමා තිබු විවිධ වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය තොගයක්,ගිණි අවි හා පතරොම් කිහිපයක් සොයා ගත් බව වනාතවිල්ලුව පොලිසිය කියයි 17 January 2019
නීති විරෝධී මාදැල් කර්මාන්තයේ යෙදුන 3ක් අත්අඩංගුවට උඩප්පුව පුනපිටිය මුහුදු තීරයට හානි වන අයුරින් මාදැල් කර්මාන්තයේ නිරත වූ ධීවරයින් තිදෙනෙකු සමඟ ට්‍රැක්ටර් තුනක් තම්බපන්නි නාවික නිලධාරීන් සහ පුත්තලම ධීවර නිලධාරීන් එක්ව සිදුකළ වැටලීමකදී අද (16) අත්අඩංගුවට ගෙන තිබේ. 16 January 2019
යතුරු පැදියක ගමන් ගත් දෙදෙනෙකු බවුසරයක ගැටී එක් අයෙක් මරුට මාතර සිට ගාල්ල දෙසට ගමන්ගත් යතුරු පැදියක පිටුපසින් පැමිණි ජල බවුසරයක අද (16) ගැටීමෙන් සිදුවූ අනතුරින් යතුරු පැදියේ පිටුපස ගමන් කරමින් සිටි තිදරු මවක් එම ස්ථානයේදීම මියගොස් යතුරු පැදිය පැදවූ මියගිය අයගේ ස්වාමිපුරුෂයා බරපතල තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කළ බව අහංගම පොලිසිය කියයි. 16 January 2019
මත් පෙති අලෙවි කළ වෛද්‍යවරයා රිමාන්ඩ් අත්තනගල්ල මීරිගම ඇතුළු ප්‍රදේශ ගණනාවක පාසල් දරුවන්ට මත් පෙති බෙදා හැරීම කළ බව කියන වෛද්‍යවරයෙකු මේ මස 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අද (16) අත්තනගල්ල මහේස්ත්‍රාත් තරංගා රාජපක්ෂ මහත්මිය නියෝග කළාය. 16 January 2019
අතරුදන් වු තරුණයකුගේ මල සිරුරක් බොල්ගොඩ ගඟෙන් හමුවෙයි දින තුනකට පමණ ඉහතදී අතරුදන් වූ 25 හැවිරිදි තරුණයෙකුගේ මල සිරුර එගොඩ උයන බොල්ගොඩ ගං ඉවුරේ තිබියදී අද (16) හමුවූ බව එගොඩ උයන පොලිසිය කියයි. 16 January 2019
නල්ලතන්නියේ ජල සම්පාදනය විසන්ධි කිරීමෙන් ශ්‍රී පාද වන්දනාකරුවෝ අපහසුතාවයට පත් වෙති මස්කෙලිය ප්‍රාදේශීය සභාව මගින් නල්ලතන්නිය නගරයේ පවත්වාගෙන යන පොදු රථ ගාලට ජල සම්පාදන මණ්ඩලය මගින් ලබා දී තිබූ ජල සම්බන්ධතාව අද (16) විසන්ධි කිරීම හේතුවෙන් ශ්‍රී පාද වන්දනාවේ පැමිණි වන්දනාකරුවන් දැඩි අපහසුතාවයට පත් වී ඇති බව නල්ලතන්නිය ප්‍රදේශවාසීහු පවසති. 16 January 2019
වල් ඌරන් මරා අලෙවි කළ පුද්ගලයකු අත්අඩංගුවට විල්පත්තුව ආශි‍්‍රතව වෙසෙන වල් ඌරන් මරා විකිණීමේ ජාවාරමක යෙදී සිටි පුද්ගලයකු මුතුරාජවෙල වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලය මගින් අද (16) ජා ඇල රුක්මණී මංසන්දිය ආසන්නයේදී අත්අඩංගුවට ගෙන තිබේ. 16 January 2019
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උප කුලපති අලුත් වෙයි රත්මලාන ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ හතර වන උප කුලපතිවරයා වශයෙන් එයාර් වයිස් මාෂල් එච්.එම්.එස්.කේ.බී කොටකදෙනිය මහතා අද (16) සිය රාජකාරී කටයුතු ආරම්භ කරනු ලැබීය. 16 January 2019
වට්ටක්කා මිලදී ගන්න රජය සැරසෙයි වට්ටක්කා වගා කරන ගොවීන්ගේ වට්ටක්කා කිලෝවක් රුපියල් 30 බැගින් ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා මිලදී ගැනීමට රුපියල් ලක්ෂ 10ක මුදලක් වෙන් කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය පී.හැරිසන් මහතා අද (16) කොළඹදී පැවැසීය. 16 January 2019
දැරිය ගැබිනියක් කළ දෙදෙනකු අත්අඩංගුවට පහළොස් හැවිරිදි දැරියක් ගැබිණියක් කළ බව කියන පුද්ගලයින් දෙදෙනකු සැකපිට අත් අඩංගුවට ගත් බව පුත්තලම පොලීසිය කියයි. 16 January 2019
ආණමඩුවේ යතුරුපැදි අනතුරකින් අයෙක් මරුට ආණමඩුව - හලාවත මාර්ගයේ මුදලක්කුලිය ප්‍රදේශයේ දී සිදුවූ අනතුරකින් දෙදෙනෙකු තුවාල ලබා එක් අයකු මිය ගොස් ඇති බව ආණමඩුව පොලීසිය කියයි. 16 January 2019
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026