(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කුලී පදනම මත සුඛෝපභෝගී මෝටර් රථ ලබාගෙන එහි කොටස් ගලවා අඩු මිලට විකිණූ එකම පවුලේ සොහොයුරන් දෙදෙනෙකු වාහන 9ක් සමඟ අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි.
එම වාහන රුපියල් කෝටි තුනකට අධික වටිනාකමින් යුක්ත බව ද පොලිසිය පවසයි.
ඔවුන් දෙදෙනා දිවයිනේ විවිධ ප්‍රදේශවල කුලියට මෝටර් රථ ලබාදෙන ආයතනවලින් මාසික කුලී පදනම මත හා ඇටෝර්නි බලපත්‍ර මත මෙම වාහන ලබාගෙන ඇති බව පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත.
වාහනවල අමතර කොටස්වලට අමතරව වායු බැලූනයක් ද ගලවා අඩු මුදලකට විකුණා ඇතැයි පොලිසිය වැඩිදුරටත් කියා සිටී.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වාහන අතරින් වැඩි ප්‍රමාණයක් වැගන් ආර්, මේවයේ අමතර කොටස් ඉතාමත්ම මිල අධිකයි , කොටස් වලට විකිණීමෙන් වහනය වගේ දෙගුණයක් හම්බකරන්න පුළුවන් . මා දන්නා ගරාජ් හිමියෙක් මෙවැනි රථයක් කොටස්වලට විකුණා ස්ටින්ජර් රථයක් මිලදීගෙන තවත් ලාබයක් ලැබුවා .. ඒජන්තවරු මේවයේ අමතර කොටස් සාධාරණ මිලකට ලබාදියයුතුයි.