(චන්ද්‍ර සේන ගමගේ)
කටුවන මැදකන්ද ප්‍රදේශයේ මිය ගිය කාන්තාවක ගේ සිරුරක් රැගෙන ගමන් කළ අවමංගල රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරැළී තිබේ.
අනතුරින් රථයේ තැන්පත් කර තිබූ මළසිරුර ට හානි වී තිබූ බව කටුවන පොලීසිය සදහන් කරයි.
අද (17) සිදු වූ මෙම අනතුරෙන් අවමංගලශාලාවේ හිමිකරු සමඟ අනතුරට පත් රථයේ ගමන් ගත තවත් අයෙකු තුවාල ලබා කටුවන දිසා රෝහලට ඇතුළත් කළ බව පොලීසිය පවසයි.
මැදකන්ද මැකිලිය තැන්න මාර්ගයේ සිට පැමිණ ඇති අවමංගල රථය කටුවන- ඌරුබොක්ක මාර්ගයට ප්‍රවේශ කිරීමට යාමේදි රථය මෙම අනතුරට ලක්ව තිබේ.
මැදකන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි මිය ගිය වයෝවෘද්ධ කාන්තාවකගේ මල සිරුරක් රැගෙනයමින් සිටියදී මෙම අනතුර සිවි තිබේ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd