(මොහොමඩ් ආසික්)
මහනුවර මාතලේ මාර්ගයේ අකුරණ නගරයේදී අද (17) පොලිස් අණ නොතකා ධාවනය වූ ලොරි රථයක් ලුහු බැඳ ගොස් පරීක්ෂා කිරීමේදී එම ලොරියේ බලපත් රහිත එළ ගවයින් 11 දෙනෙකු ප්‍රවාහනය කරමින් තිබියදී අත්අඩංගුවට ගත් බව අලවතුගොඩ පොලිසිය කියයි.
මහියංගණය ප්‍රදේශයේ සිට අකුරණ ප්‍රදේශයට රැගෙන එනු ලැබූ බව කියන මෙම ගවයින් 11 දෙනා සතුන්ට හිංසා වන අයුරින් ප්‍රවාහනය කර ඇති බව පොලිසිය කියයි.
අලවතුගොඩ පොලිස් ස්ථානාධිපතිවරයාට ලැබුණු තොරතුරක් අනුව පරීක්ෂණ පැවැත්වූ පොලිසිය මෙම ගවයින් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථය අත් අඩංගුවට ගනු ලැබ තිබේ. මෙම ගවයින් අතර එළ දෙනුන් හතර දෙනෙකුද සිටි බව පොලිසිය පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd