( එච්. චන්දන )
පහළොස් හැවිරිදි දැරියක් ගැබිණියක් කළ බව කියන පුද්ගලයින් දෙදෙනකු සැකපිට අත් අඩංගුවට ගත් බව පුත්තලම පොලීසිය කියයි.
ගල්කුලම - ඇතුන්ගොඩ ප්‍රදේශයේ මව්පියන් සමඟ ජීවත් වූ මෙම දැරිය මීට අවුරුද්දකට පමණ පෙර පළමු සැකකරු දැරිය බියවද්දවා සබඳතාවක් ඇති කරගෙන තිබේ.
මේ පිළිබඳව දැනගත් සිද්ධියේ දෙවැනි සැකකරුද දැරිය බියවද්දවා සබඳතාවක් ඇති කරගෙන ඇතැයි පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි පොලීසය පවසයි.
මෙම පුද්ගලයින් දෙදෙනා විටින් විට දැරිය බිය ගන්වා අපයෝජනයට ලක් කර ඇති අතර මේ වන විට දැරිය තුන් මස් ගැබිනියක් බව අනාවරණය වී ඇතැයිද පොලීසය සඳහන් කළේය.
එක් සැකකරුවකු 42 වන වියේ පසුවූ දෙදෙරු පියෙක් වන අතර අනෙක් සැකකරු 38 වන වියේ පසුවන තිදෙරු පියෙකි.
මේ පිළිබදව පුත්තලම පොලීසියට ලැබුණු පැමිණිල්ලකට අනුව කරන ලද පරීක්ෂණයකදී සැකකරුවන් මෙලෙස අත් අඩංගුවට ගෙන තිබුණි.
දැරිය දැනට වෛද්‍ය පරීක්ෂණ කටයුතු සදහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර සැකකරුවන් දෙදෙනා පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
2025 දෙසැම්බර් මස 18
264
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
183
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
990
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දැරිය ගැබිනියක් කළ දෙදෙනකු අත්අඩංගුවට