(ජුඩ් සමන්ත)
ආණමඩුව - හලාවත මාර්ගයේ මුදලක්කුලිය ප්‍රදේශයේ දී සිදුවූ අනතුරකින් දෙදෙනෙකු තුවාල ලබා එක් අයකු මිය ගොස් ඇති බව ආණමඩුව පොලීසිය කියයි.
අනතුරින් මිය ගොස් ඇත්තේ ආණමඩුව - කෝන්වල කන්ද පදිංචිව සිටි මල්ලිකා ආරච්චිගේ පිලිප් ලූතර් (57) නම් අයෙකි.
ආණමඩුව - හලාවත මාර්ගයේ ගමන් කරමින් තිබූ යතුරුපැදියක් එක් වරම මුදලක්කුලිය ප්‍රදේශයේදී මාර්ගය මැද පෙරළී ගොස් ඇත.
අනෙක් තුවාලකරුවන් දෙදෙනා ආණමඩුව දිසා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.
සිද්ධිය සම්බන්ධයෙන් ආණමඩුව පොලීසියේ රථවාහන අංශය වැඩිදුර විමර්ශන සිදුකරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd