කවිතා සුබසිංහ
රතිඤ්ඤා පත්තු කර බැන තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් මහර ප්‍රාදේශීය සභා විපක්ෂ නායක ඇතුළු තිදෙනෙකු 21 වැනි දා දක්වා රිමාන්ඩ් ගත කරන ලෙස මහර ප්‍රධාන මහේස්ත්‍රාත් හේශාන්ත ද මැල් මහතා නියම කළේය.
මහර ප්‍රාදේශීය සභා වික්ෂ නායක රනිල් චාමින්ද කුමාර පින්තු,මහර ප්‍රාදේශීය සභා මන්ත්‍රී ලංකා චන්දන වික්‍රමආරච්චි හා ලියනාරච්චිගේ ඉනෝක් චාමින්ද නැමති තිදෙනෙකු මෙලෙස රිමාන්ඩ් ගත කෙරිණ.
සැකකරුවන් පැමිණිලිකරුගේ නිවස ඉදිරියට පැමිණ බැන වැදී රතිඤ්ඤා වැල් දෙකක් පත්තු කර නිවස ට විසි කර තවත් රතිඤ්ඤා පෙට්ටියක් ගේට්ටුව අසල පත්තු කර වහලය ට ගල් ගසා ඇතැයි පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd