( පාලිත ආරියවංශ)
බදුල්ල බණ්ඩාරවෙල මාර්ගයේ නඩුකාරකන්ද හන්දියේදී අද (17) ලෙරියක්, මෝටර් රථයක් හා යතුරුපැදියක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් තුවාල ලැබූ සිව් දෙනකු බදුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇතැයි හාලිඇල පොලිසිය පවසයි.
ඌව පරණගම ලූනුවත්තේ සිට බදුල්ල දෙසට ධාවනය වී තිබූ ලොරි රථය ඉදිරියෙන් පැමිණි මෝටර් රථයේ ගැටී මෝටර් රථයේ පිටුපසින් පැමිණි යතුරු පැදියේද ගැටී මෙසේ අනතුරට ලක්ව ඇතැයි හාලිඇල පොලිසිය පවසයි.
තුවාල ලබා ඇත්තේ මෝටර් රථයේ පැමිණි බදුල්ල තොලොගොගස් වත්තේ පදිංචි අඹුසැමි යුවළක්, යතුරුපැදිකරු හා ලොරි රථයේ රියදුරා බව පොලිසිය සදහන් කරයි.
ලොරි රථයේ රියදුරාගේ අපරික්ෂාකාරී රිය ධාවනය මෙම අනතුරට හේතුව බව විමර්ශනවලදී අනාවරණය වි ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd