(අජිත්ලාල් ශාන්තඋදය)
අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා කුරුවිට බටුහේනේ පිහිටි සබරගමු සරසවියේ වෛද්‍ය පීඨය විවෘත කිරීමට විරෝධය පළ කරමින් බස් රථ දෙකකින් පැමිණි විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් පිරිසක් අද (17) වෛද්‍ය පීඨ පරිශ‍්‍රයට පැමිණෙන පාරට මීටර් 100ක් පමණ දුරින් විරෝධතාවයේ නිරත වූහ.
විරෝධතාවේ නිරත පිරිසට පොලිසියෙන් සහ ආරක්‍ෂාවට යොදවා සිටි ආරක්‍ෂක නිලධාරීන්ගෙන් කිසිදු බාධාවක් එල්ල නොවීය. අග‍්‍රාමාත්‍යවරයා වෛද්‍ය පීඨ පරිශ‍්‍රයට ගිය පසු විරෝධතාකරුවෝ පිටව ගියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අප රටේ දේශපාලුවන් වනාහි කිසිදු හිරිකිතයක්, ලැජ්ජාවක් අඩු තරමින් හොද නරවත් නොදන්නා පිරිසකි. දන්නා එකම දෙයනම් මහජන මුදලින් සිය පවුල් පිටින් හොදින් ජීවිකාව ගෙවීමත්, මහජන මුදල්ම හොරකම් කිරීමත්ය.