(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පිළියන්දල මකුළුදූව නිවසක තනිව සිටි වියපත් කාන්තාවක් හදිසියේ ඇති වූ ගින්නකින් පිළිස්සුම් තුවාල ලබා කලුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව පිළියන්දල පොලිසිය පවසයි.
අසල්වාසීන් පැමිණ ගින්න නිවා දමා ඇය ගිලන් රියකින් රෝහල වෙත ගෙන ගොස් ඇත.
පිළිස්සුම් තුවාල ලබා ඇත්තේ 73 හැවිරිදි කාන්තාවකි.
ගින්න ඇතිවන අවස්ථාවේ ඇගේ ඥාති දියණිය හා සැමියා නිවසේ නොසිටි බවද අනාවරණය වී ඇත.
ගින්නට හේතුව සොයාබැලීම සඳහා රජයේ රස පරීක්ෂකවරයා කැඳවීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd