IMG-LOGO

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා


මුඛ-කුර රෝගය ව්‍යාප්තවීමෙන් කිරි ගොවියෝ අනතුරේ

(කාංචන කුමාර ආරියදාස)
 
මාතලේ සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල ප්‍රදේශ ගණනාවක කිරි ගවයන්ට මුඛ සහ කුර රෝග සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම හේතුවෙන් තමන් දැඩි දුෂ්කරතාවයකට පත්ව ඇතැයි ගලේවෙල දඬුබැඳිරුප්ප ප්‍රදේශයේ කිරි ගොවීහු පවසති.
 
තම ප්‍රදේශයේ ගොවිපොළවල්වල කිරි ගවයින් සතුන් මිය යමින් සිටින බවත් කිරි නොමැතිකමින් ගව පැටවුන් මිය යන බවත් ඔවුහු පෙන්වා දෙති.
 
ගලේවෙල දඬුබැඳිරුප්ප ප්‍රදේශයේ ගොවීහු මෙම රෝගය නිසා තමන් පත්ව ඇති පීඩාව සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ විශේෂ  හමුවක් අද (17) පෙරවරුවේ පැවැත්වූහ.
 
කිරි ගවයන්ගේ දිවෙහි තුවාල සිදුවීම නවිසා ගවයන්  ආහාර  නොගනිමින් සිටින බවද  පසුව එම තුවාල ක්‍රමයෙන් ගවයාගේ කුරවලට බෝවී නැවත කිරි බුරුළුවලට එම තුවාල ව්‍යාප්ත වී යන බවද ඔවුහු  එහිදී පෙන්වා දුන්හ.
 
තම ප්‍රදේශයේ සිටින බටු හරකුන්ට ද මේ රෝගය වැළදෙන තත්වයක් මතුව ඇති බව ඔවුහු පැවසූහ. 
 
රජයේ පශු වෛද්‍ය නිලධාරීන් පැමිණ එක් සතෙකුට ප්‍රතිකාර කිරීම සඳහා රුපියල් 800 ක 900 ක  මුදලක් අය කරන බවත් එතරම් මුදලක් ලබා දී හරකුන් විශාල ප්‍රමාණයකට  ප්‍රතිකාර කිරීමට නොහැකි බවත් ගොවීහු මෙම මාධ්‍ය හමුවේ දී කියා සිටියහ.
 
මුලදී කිරි ලීටර් තිහක් ලබාදුන් ගොවිපලවල්වල කිරි ලීටර් 3 දක්වා කිරි අඩු වී ඇතිබවත්  කුර- මුඛ රෝගය වැළඳුනු එක් සතෙකුගේ මිල රුපියල් ලක්ෂ එකහමාරක් හෝ දෙකක් වන බවත් ඇතැම් කිරිගොවීන් රෝගය වැළඳුනු සතුන් මස් පිණිස මස් කඩ හිමිකරුවන්ට විකුණන බව ද ඔවුහු කියති.
 
ඇතැම් ගොවීන් තම ගව පට්ටියේ සිටින පිරිමි සතුන් අලෙවි කොට ඉතිරි වී සිටින ගැහැණු සතුන් ආරක්ෂා කරගැනීම සඳහා වීයදම් කර ප්‍රතිකාර කරන බවද ඔවුහු කීහ.
 
කිසියම් පෞද්ගලික සමාගමක් විසින් මෙම රෝගය ව්‍යාප්ත කිරීමට අවශ්‍ය වටපිටාව සකසා ඇති බවට මත පළවන බව  කිරි ගොවීහු කියන්නට වූහ.
 
සේනා දළඹු ප්‍රහාරය මේ වනවිට ජාතික ව්‍යසනයක්ව පවතින අතර ඊට වඩා වගකීමකින් කිරි ගව සම්පත ආරක්ෂා කිරීම රජයේ වගකීමක් බව කිරි ගොවි ජනතාව පෙන්වාදෙති. 
 
මේ පිළිබඳව කඩිනම් අවධානය යොමු කරන ලෙස දඬුබැඳිරුප්ප කිරි ගොවීහූ රජයෙන් ඉල්ලා සිටිති.



අදහස් (0)

මුඛ-කුර රෝගය ව්‍යාප්තවීමෙන් කිරි ගොවියෝ අනතුරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32018 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14468 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11230 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 27 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 287 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1231 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site