මකුණන් බම්බලපිටිය සුපිරි සිනමා ශාලාවක් වසා දමයි බම්බලපිටිය සුපිරි සිනමා ශාලාවක් තාවකාලිකව වසා දැමීමට කොළඹ මහ නගර සභාව අද (14) තීරණය කර ඇත. 14 January 2019
කොළඹ දිස්ත්‍රික් ජනතාවට මිනි බවුසර් මගින් දියර කිරි ලබා දීමට පියවර කොළඹ දිස්ත්‍රික්කයේ නාගරික ප්‍රදේශවල ජනතාවට මිනි බවුසර් මඟින් දියර කිරි බෙදාහැරීමට ජාතික පශූ සම්පත් මණ්ඩලය සූදානම් වේ. 14 January 2019
‘යල කන්නයට පොහොර සියයට 40 ක් ගබඩා කර තියෙනවා’ ඉදිරි යල කන්නය සඳහා රටේ පොහොර අවශ්‍යතාවයෙන් 40 % පමණ තොග ගබඩා කර ඇතැයි කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී. හැරිසන් මහතා පැවසීය. 14 January 2019
සවුත්ලන්ඩ් විදුහල ඉදිරිපිට මාපිය සත්‍යග්‍රහයට රුහුණු සරසවි සිසුන්ගේ සහය ගාල්ල නගර මධ්‍යයේ වෙල්සන්පුර පදිංචි සිසුවියන් හතර දෙනෙකු ගාල්ල සවුත්ලන්ඩ් විදුහලේ පළමු වැනි ශ්‍රේණියට ඇතුළත් කර නොගැනිමට විරෝධය පල කරමින් එම සිසුවියන්ගේ මවුපියන් දින 14ක් තිස්සේ පවත්වාගෙන යන අඛණ්ඩ සත්‍යග්‍රහයට සහාය පළ කරමින් රුහුණු විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයද අද (14)පස්වරුවේ ගාල්ල නගරයේ දැවැන්ත විරෝධතාවයක් පැවැත්වුහ. 14 January 2019
ලක්ෂ 15ක හෙරොයින් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට හෝමාගම මීගොඩ සිරිමැදුර වත්ත ප්‍රදේශයේ නිවසකදී රුපියල් ලක්ෂ 15කට අධික වටිනාකමින් යුතු හෙරොයින් මත්කුඩු සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය කියයි. 14 January 2019
වගා ළිඳකට වැටුණු සිසුවියකගේ මළ සිරුරක් සොයාගනී වවුනියාව පූවර්සන්කුලම් තාලිකුලම් ප්‍රදේශයේ පිහිටි වගා ළිඳක තිබී පාසල් සිසුවියකගේ මළ සිරුරක් හමු වී ඇති බවට පූවර්සන්කුලම් පොලීසිය පවසයි. 14 January 2019
වීරකැටියේ දෙමව්පියෝ පාරට බසිති දරුවන් පළමු වසරට ඇතුළත් කර නොගැනීමට විරෝධය පළ කරමින් වීරකැටිය අවට දෙමව්පියෝ පිරිසක් වීරකැටිය රාජපක්ෂ ප්‍රාථමික විද්‍යලය ඉදිරිපිටදී අද (14) විරෝධතාවයක නිරතවුහ. 14 January 2019
කේරල ගංජා බෙදාහැරි සිව් දෙනෙක් අත්අඩංගුවට කේරළ ගංජා බෙදාහැරීමේ නිරතව සිටි පුද්ගලයින් සිව් දෙනෙකු රුපියල් ලක්ෂ එකහමාරක් පමණ වටිනා කේරළ ගංජා ග්‍රෑම් හාරසියක් ද සමඟ අද (14) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකායේ පූගොඩ කඳවුර පවසයි. 14 January 2019
බදුල්ල කලුගහදුර මාර්ගයේ නාය යාමක් බදුල්ල කලුගහකදුර ප්‍රධාන මාර්ගයේ කළුගහකදුර මොරලන්ද මංසන්ධිය අසල අද (14) උදෑසන සිදුවූ නාය යෑමක් හේතුවෙන් මාර්ගයේ මීටර් 40 ක පමණ කොටසක් මුළුමනින්ම අවහිර වී ඇත. 14 January 2019
මත්කුඩු ජාවාරම්කරුවකු අත්අඩංගුවට බන්ධනගාරයේ සිටින ප්‍රධාන පෙලේ හෙරොයින් ජාවාරම්කරුවකු සමඟ ජංගම දුරකථන ඔස්සේ මත්කුඩු බෙදාහැරීමේ නියෝජිතයකු ලෙස කටයුතු කළ ව්‍යාපාරිකයෙකු හෙරොයින් මිලි ග්‍රෑම් 50,000ක් සමඟ රාගමදී අත්අඩංගුවට ගත් බව පෑලියගොඩ දිසා දූෂණ මර්ධන ඒකකය පවසයි. 14 January 2019
ආරච්චිකට්ටුව ප්‍රා. සභාවට නව ලේකම්වරියක් ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවට නව ලේකම්වරිය වශයෙන් එන්. ඒ.කාන්තිලතා මහත්මිය පත්කර තිබේ. 14 January 2019
සිංහරාජ මායිමේ ඉඩමක අවසරයකින් තොරව පස් කැපීම තාවකාලිකව නවත්වයි කලවාන, කුඩව, සිංහරාජ වනාන්තරයේ පිවිසුම් ගේට්ටුවට මීටර් 300ක් පමණ දුරින් සිංහරාජ වනාන්තරයට මායිම්වන දොරණ ඇළ ආසන්නයේ වගාව සඳහා රජයෙන් බලපත්‍ර ගත් ඉඩමක නිසි අවසරයක් නොමැතිව බැකෝ යන්ත්‍රයක් යොදා පස් කපා ප්‍රවාහනය කිරීමේ ක්‍රියාවක් නැවැත්වීමට ක්‍රියාකළ බව සිංහරාජ වන පාලක අජිත් ජයසිංහ මහතා පැවසුවේය. 14 January 2019
මිලියන තුනක හෙරොයින් සමඟ ‘මල්තුෂාර’ අල්ලයි රුපියල් මිලියන තුනකට අධික වටිනාකමින් යුතු හොරොයින් මත්කුඩු තොගයක් සමඟ ‘දෙහිවල මල් තුෂාර’ නමැත්තා දෙහිවල ඇලන්වීදියේදී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස දූෂණ මර්දන අංශය කියයි. 14 January 2019
නීතිවිරෝධීව ඇල්ලූ මුහුදු කූඩැල්ලන් තොගයක් සොයා ගනී නීතිවිරෝධී ලෙස ඇල්ලූ මුහුදු කූඩැල්ලන් තොගයක් මන්නාරම වෙරළ ප්‍රදේශයේ දී අද (14) සොයා ගත් බව නාවික හමුදාව පවසයි. 14 January 2019
අනතුරට පත් යාත්‍රාවේ-අත්අඩංගුවටගත් ධීවරයින් ප්‍රාදේශිය ධීවර කාර්යාලවලට පසුගියදා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් අනවසර ඉන්දිය ධිවරයින් 20 දෙනා සහ යාත්‍රා අනතුරින් මුදවා ගත් ධිවරයින් 08 දෙනා අදාළ ප්‍රාදේශීය ධිවර පරික්ෂක කාර්යාලයන්ට සහ පොලිස් ස්ථාන වෙත මේ වන විට භාර දිමට කටයුතු කර ඇතැයි නාවික හමුදාව පවසයි. 14 January 2019
තෝනිගල ගල් වලක පිරිමි මළ සිරුරක් ආණමඩුව තෝනිගල පැරණි ගල් වලක ජලයේ තිබි අද (13) සවස පුද්ගල මළ සිරුරක් සොයා ගත් බව ආණමඩුව පොලිසිය කියයි. 13 January 2019
මහවැලි ගඟේ ගිලී සිසුවෙක් මරුට නාවලපිටිය ප්‍රදේශයේ උපකාරක පන්තියකට සහභාගි විමට ගොස් මිතුරන් සමග මහවැලි ගගේ දිය නැමට ගිය පාසල් සිසුවෙක් දියේ ගිලි මියගොස් ඇති අතර දියේ ගිලුණු තවත් පාසල් සිසුවෙක් නාවලපිටිය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇති බව නාවලපිටිය පොලිසිය පවසයි. 13 January 2019
අනතුරට පත් යාත්‍රාවේ සිටි ඉන්දීය ධීවරයෙකුගේ මළ සිරුරක් සොයා ගැනේ ඩෙල්ෆ්ට් දූපතට ආසන්න මුහුදු සීමාවේදී ඉන්දීය ධීවරයෙකුගේ මළ සිරුරක් අද (13) නාවික හමුදාව සොයාගෙන තිබේ. 13 January 2019
මුහුදේ ගිලී විදේශිකයෙක් මරුට නයිනමඩම වෙල්ලමංකරය මුහුදේ තම පවුලේ සාමාජිකයන් සමඟ දියනාමින් සිටි විදේශිකයෙකු ගිලි මියගොස් ඇති බව වෙන්නප්පුව පොලිසිය පැවසීය . 13 January 2019
මාර්ගයට හානි කරමින් උද්ඝෝෂණයක් කළ 8 ක් රිමාන්ඩ් රිය අනතුරකින් මියගිය පුද්ගලයෙකුගේ මරණයට සම්බන්ධ රියදුරා අත් අඩංගුවට නොගැනිම පිළිබඳව අක්මීමණ තල්ගම්පලදි ගාල්ල උඩුගම ප්‍රධාන මාර්ගය අවහිර කරමින් ටයර් පුලුස්සා මාර්ගයට අලාබ හානි කර පොලිස් නිලධාරින්ගේ රාජකාරියටද බාධා කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගන්නා ලද සැකකරුවන් 8 දෙනකු ලබන 23 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර කිරිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා නියෝග කළේය. 13 January 2019
අනතුරට පත් ඉන්දීය ධීවර යාත්‍රාවේ ධීවරයෝ මුදවා ගැනීමේ මෙහෙයුම් තවමත් ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළදී අනතුරට පත් ඉන්දීය දීවර යාත්‍රාවක ධීවරයන් පිරිසක් සොයා ශ්‍රී ලංකා නාවික හමුදාව මේ වන විට විශේෂ මුදවා ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කර ඇත. 13 January 2019
මිල්ලණියේ නිවසක ගින්නක් මිල්ලනිය මල්වත්ත පාරේ නිවසක ඇතිවු ගින්නකින් එම නිවසේ කාමරයකට මෙන්ම දේපල රැසකට බරපතල අලාභ හානි සිදුව ඇතැයි මිල්ලණිය පොලිසිය පවසයි. 13 January 2019
රෝගීන් 150 කගේ ඇසේ සුද ඉවත් කරයි පුත්තලම මූලික රෝහලේදී පැවති විශේෂ අක්ෂි ශෛල්‍යකර්ම වැඩ සටහනේ දී ඇසේ සුද නම් රෝගී තත්තවයෙන් පෙළුණු රෝගීන් 150 ඇසේ පෙනීම ලබා දිමට හැකි වූ බව පුත්තලම මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි වෛද්‍යය එම්.ජවුසික් මහතා පැවසීය. 13 January 2019
අතුරුදන්වුන්ගේ-අවතැන්වුවන්ගේ මා පිය සංගම්වලින් වැඩසටහන් රැසක් අතුරුදන්වුවන්ගේ මාපිය සංවිධානය සහ යුද්ධයෙන් අවතැන්වු කාන්තාවන්ගේ සංවිධානය හා එක්ව අවිහිංසාව තුළින් තිරසාර සංවර්ධනය යන තේමාව යටතේ සංවිධානය කළ වැඩ සටහන කිහිපයක් අද (13)දින අනුරාධපුර නගරයේදි පැවැත්වුණි. 13 January 2019
වන අලියකු පහරදී එකම පවුලේ තිදෙනෙකු රෝහලේ පලාගල ගල්කිරියාගම කරවිලගල ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයකට වන අලියකු පහරදී ත්‍රීරෝද රථයේ ගමන් කරමින් සිටි අඹු සැමි යුවළක් සහ එම දෙපළගේ මිනිබිරියක බරපතල තුවාල ලබා අනුරාධපුර මහ රෝහලට ඇතුළත් කර ඇතැයි ගල්කිරියාගම පොලිසිය කියයි. 13 January 2019
අනතුරකින් කොස්තාපල්වරයෙක් මරුට හොරණ පොකුණුවිට වැලිගම්පිටියේදී වෑන්රියක් සහ යතුරුපැදියක් එකිනෙකට ගැටීමෙන් සිදු වු අනතුරකින් පොලිස් කොස්තාපල්වරයකු මියගොස් තිබේ. 13 January 2019
අනවසරයෙන් මාළු ඇල්ලූ ඉන්දීය ධීවරයෝ 20 ක් අත්අඩංගුවට නීතී විරෝධි ලෙස තලේමන්නාරම මුහුදු තීරයේ සහ ඩෙල්ෆ් දූපතෙහි මසුන් මරමින් සිටි ඉන්දීය ධීවරයින් 20 දෙනකු සමඟ ට්‍රෝලර් යාත්‍රා 03 ක් නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබේ. 13 January 2019
බාලවයස්කාර සිසුවිය සමුහ දුෂණය කළ සැකකරුවන් සොයා පරීක්ෂණ දහසය හැවිරිදි බාල වයස්කාර පාසල් සිසුවියක් සමූහ දූෂණයට ලක් කර ඇතැයි නාගොඩ පොලිසිය පවසයි. 13 January 2019
ගල්කිස්සේ ගණිකා නිවාසයක් වටලා 6 ක් අත්අඩංගුවට ගල්කිස්ස ගාලුපාර තෙමහල් ගොඩනැගිල්ලක ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා එහි කළමණාකරවරිය ඇතුළු 6 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. 13 January 2019
ගැලිහේන කලපුවේ අතුරුදන් වු ධීවරයාගේ සිරුර සොයා ගැනේ හලාවත ගැලිහේන කළපුවේ ධීවර කටයුතුවල නියැලෙමින් සිටියදී අතුරුදන් වු පුද්ගලයකුගේ මළ සිරුර නාවික හමුදා කිමිදුම් අංශය සොයාගෙන තිබේ. 13 January 2019
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026