හලාවත ගැලිහේන කළපුවේ ධීවර කටයුතුවල නියැලෙමින් සිටියදී අතුරුදන් වු පුද්ගලයකුගේ මළ සිරුර නාවික හමුදා කිමිදුම් අංශය සොයාගෙන තිබේ.
ධිවර කටයුතුවල නියැලෙමින් සිටියදී මෙම පුද්ගලයා අතුරුදන් වී ඇති අතර හලාවත පොලීසිය කළ දැනුම් දීමකට අනුව පැමිණි නාවික හමුදා කිම්දුම් කණ්ඩායම පැය 05 කට අධික කාලයක් කළපුවේ කළ මෙහෙයුමකින් අනතුරුව මෙම සිරුර සොයාගෙන ඇත.
මිය ගොස් ඇත්තේ හලාවත ගැලිහේන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
පසුගිය 11 වැනිදා මොහු අතුරුදන් වී ඇති අතර ඊයේ (12) සිරුර සොයා ගෙන ඇත.
නාවික හමුදා කිමිදුම් අංශයේ නිලධාරීන් 6 දෙනකු මේ සඳහා සහභාගී වු අතර හලාවත පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.
(36698)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd