(ඩී.ජී.සුගතපාල)
ගාල්ල නගර මධ්‍යයේ වෙල්සන්පුර පදිංචි සිසුවියන් හතර දෙනෙකු ගාල්ල සවුත්ලන්ඩ් විදුහලේ පළමු වැනි ශ්‍රේණියට ඇතුළත් කර නොගැනිමට විරෝධය පල කරමින් එම සිසුවියන්ගේ මවුපියන් දින 14ක් තිස්සේ පවත්වාගෙන යන අඛණ්ඩ සත්‍යග්‍රහයට සහාය පළ කරමින් රුහුණු විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයද අද (14)පස්වරුවේ ගාල්ල නගරයේ දැවැන්ත විරෝධතාවයක් පැවැත්වුහ.
සවුත්ලන්ඩ් විදුහල ඉදිරිපිට සත්‍යග්‍රහය පවත්වන අට්ටාලය ඉදිරිපිටට රැස්වු භික්ෂූන් වහන්සේලා ප්‍රමුඛ විශ්ව විද්‍යාල සිසුන් “අල්ලපු වැටේ සිසුවියන්ට ,සවුත්ලන්ඩ්ස් එකේ දොර වැහිලා,සල්ලි කුට්ටි ආපු තැනට,ඉබේම එහි දොර ඇරිලා, දවස් ගණන් අට්ටාලේ,බලධරයින් මර නින්දේ,සිසුවියන්ට යුක්තිය කෝ,දරු ජීවිත මහපාරේ“ආදි සටන් පාඨ කියමින් උද්ඝෝණය කිරිමෙන් පසුව අසාධාරණයට ලක්වු සිසුවියන්ද පෙරටුකරගෙන බස් නැවතුම්පොල දක්වා පොලපාලියකින් පැමිණ එහිදීද සටන් පාඨ කියමින් උද්ඝෝෂණයේ යෙදුණහ.
එම දැරියන්ගේ මව්පියන් පැවසුවේ තමන් දුප්පත් නිසා ඔප්පු නැතැයි කියමින් දරුවන් පාසලට ඇතුළත් කර ගැනිම විදුහල්පතිනිය ප්‍රතික්ෂේප කරන බවයි.
ස්ථිර ඔප්පු නැති උනත් නගර සභාවෙන් දීපු බලපත්‍ර තිබෙන බවත් ජලබිල් වතුර බිල් වරිපනම් බිල් ආදි සියල්ල තමන් සතුව ඇති බවත් ඔවුහු පැවසුහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දරුවන් පාසලකට ඇතුලත් කරගැනීමට ඡන්දහිමි නාමලේඛනය හැර කිසිම ලියවිල්ලක් බැලීම සාධාරණ නැහැ. හැම දෙමපියන්ටම ඔප්පු නැහැ. සමහරවිට ආච්චිලා සීයලාගේ දේපල ඒ ළමයි ඉන්නේ අධ්‍යාපනයෙන් දරුවන් පිටමන් කිරීමේ ක්‍රමවේදය ඉතා ඉක්මනින් නතර කල යුතුයි. රටේ ඕනෙම දරුවෙකුට අධ්‍යාපනයට අයිතියක් තියෙනවා දරුවන් බදවා ගැනීම අධ්‍යාපන අමාත්‍යංශයෙන් කරලා විදුහල්පතිවරු සහ ගුරුවරුන්ට ළමයි බාරදීමේ ක්‍රමවේදයක් හදන්න ඕනේ පාසලෙන් පාසලට එක එක ක්‍රමවේද හදන ළමයින් අධ්‍යාපන්යෙන් පිටමන් කිරීමේ මෙවෙනි පදනමක් නැති ක්‍රමවේද නිසා ගැටලු රැසක් මතුවෙනවා