IMG-LOGO

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා


සවුත්ලන්ඩ් විදුහල ඉදිරිපිට මාපිය සත්‍යග්‍රහයට රුහුණු සරසවි සිසුන්ගේ සහය

(ඩී.ජී.සුගතපාල)


ගාල්ල නගර මධ්‍යයේ වෙල්සන්පුර පදිංචි සිසුවියන් හතර දෙනෙකු  ගාල්ල සවුත්ලන්ඩ් විදුහලේ පළමු වැනි ශ්‍රේණියට ඇතුළත් කර නොගැනිමට විරෝධය පල කරමින් එම සිසුවියන්ගේ මවුපියන් දින 14ක් තිස්සේ පවත්වාගෙන යන අඛණ්ඩ සත්‍යග්‍රහයට සහාය පළ කරමින් රුහුණු විශ්ව විද්‍යාලයේ මහා  ශිෂ්‍ය සංගමයද අද  (14)පස්වරුවේ ගාල්ල නගරයේ දැවැන්ත විරෝධතාවයක් පැවැත්වුහ.


සවුත්ලන්ඩ් විදුහල ඉදිරිපිට සත්‍යග්‍රහය පවත්වන අට්ටාලය ඉදිරිපිටට රැස්වු භික්ෂූන් වහන්සේලා ප්‍රමුඛ විශ්ව  විද්‍යාල සිසුන් “අල්ලපු වැටේ සිසුවියන්ට ,සවුත්ලන්ඩ්ස් එකේ දොර වැහිලා,සල්ලි කුට්ටි ආපු තැනට,ඉබේම එහි දොර ඇරිලා, දවස් ගණන් අට්ටාලේ,බලධරයින් මර නින්දේ,සිසුවියන්ට යුක්තිය කෝ,දරු ජීවිත මහපාරේ“ආදි සටන් පාඨ කියමින් උද්ඝෝණය කිරිමෙන් පසුව අසාධාරණයට ලක්වු සිසුවියන්ද පෙරටුකරගෙන  බස් නැවතුම්පොල දක්වා පොලපාලියකින් පැමිණ එහිදීද සටන් පාඨ කියමින් උද්ඝෝෂණයේ යෙදුණහ.


එම දැරියන්ගේ මව්පියන් පැවසුවේ තමන් දුප්පත් නිසා ඔප්පු නැතැයි කියමින්  දරුවන් පාසලට ඇතුළත් කර ගැනිම විදුහල්පතිනිය ප්‍රතික්ෂේප කරන බවයි.


ස්ථිර ඔප්පු නැති උනත් නගර සභාවෙන් දීපු බලපත්‍ර තිබෙන බවත් ජලබිල් වතුර බිල් වරිපනම් බිල් ආදි සියල්ල තමන් සතුව ඇති බවත් ඔවුහු පැවසුහ.


 



අදහස් (1)

සවුත්ලන්ඩ් විදුහල ඉදිරිපිට මාපිය සත්‍යග්‍රහයට රුහුණු සරසවි සිසුන්ගේ සහය

sampath Monday, 14 January 2019 10:53 AM

දරුවන් පාසලකට ඇතුලත් කරගැනීමට ඡන්දහිමි නාමලේඛනය හැර කිසිම ලියවිල්ලක් බැලීම සාධාරණ නැහැ. හැම දෙමපියන්ටම ඔප්පු නැහැ. සමහරවිට ආච්චිලා සීයලාගේ දේපල ඒ ළමයි ඉන්නේ අධ්‍යාපනයෙන් දරුවන් පිටමන් කිරීමේ ක්‍රමවේදය ඉතා ඉක්මනින් නතර කල යුතුයි. රටේ ඕනෙම දරුවෙකුට අධ්‍යාපනයට අයිතියක් තියෙනවා දරුවන් බදවා ගැනීම අධ්‍යාපන අමාත්‍යංශයෙන් කරලා විදුහල්පතිවරු සහ ගුරුවරුන්ට ළමයි බාරදීමේ ක්‍රමවේදයක් හදන්න ඕනේ පාසලෙන් පාසලට එක එක ක්‍රමවේද හදන ළමයින් අධ්‍යාපන්යෙන් පිටමන් කිරීමේ මෙවෙනි පදනමක් නැති ක්‍රමවේද නිසා ගැටලු රැසක් මතුවෙනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32009 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14461 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11229 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 24 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 283 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1230 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site