(නිමල කොඩිතුවක්කු)
ඉදිරි යල කන්නය සඳහා රටේ පොහොර අවශ්‍යතාවයෙන් 40 % පමණ තොග ගබඩා කර ඇතැයි කෘෂිකර්ම, ග‍්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී. හැරිසන් මහතා පැවසීය.
ගොවියාට අවශ්‍ය පොහොර ආනයනය කිරීම පෙහොර ලේකම් කාර්යාලයේ වගකීමක් බවත් මේ සම්බන්ධයෙන් අවශ්‍ය ක‍්‍රියාමාර්ග කඩිනමින් ගැනීමට එම නිලධාරින් වෙත උපදෙස් ලබා දී ඇති බවත් අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ සඳහන් කළේය.
පෞද්ගලික ආනයන සමාගම් වෙනුවෙන් පොහොර මිලදී ගන්නවා වෙනුවට රජයේ ලක් හා කොමර්ෂල් පොහොර සමාගම් මගින් ගොවියාට පොහොර නිසි වෙලාවට ලබා දීමට අවශ්‍ය කටයුතු සිදු කරන බවද අමාත්‍යවරයා පැවසීය.
රටේ අවශ්‍යතාවයෙන් මෙටිට‍්‍රක් ටොන් 3 95 000 ක් වී වගාව වෙනුවෙන් සහනදායී මුදලට මෙම සංස්ථා මගින් ගොවීන්ට අවශ්‍ය පොහොර බෙදාහරිනු ලබයි. පොහොර ආනයනයට පෙර හා පසු එහි ගුණාත්මකභාවය පිළිබඳ පරීක්ෂා කළ යුතු බවද අමාත්‍යවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
‘යල කන්නයට පොහොර සියයට 40 ක් ගබඩා කර තියෙනවා’