නීතී විරෝධි ලෙස තලේමන්නාරම මුහුදු තීරයේ සහ ඩෙල්ෆ් දූපතෙහි මසුන් මරමින් සිටි ඉන්දීය ධීවරයින් 20 දෙනකු සමඟ ට්‍රෝලර් යාත්‍රා 03 ක් නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබේ.
ඩෙල්ෆ්ට් දුපතට ඔබ්බෙන් වූ මුහුදේ දී ට්‍රෝලර් යාත්‍රා 02 ක් සහ එහි සිටි ධීවරයින් 09 දෙනෙකු ද, තලේයිමන්නාරම මුහුදු ප්‍රදේශයේදී ට්‍රෝලර් යාත්‍රාවක් සහ එහි සිටි ධීවරයින් 11 දෙනෙකු ද, අත් අඩංගුවට ගෙන ඇත.
ඉන්දීය ධීවරයින් පිරිස කරේයිනගර් ශ්‍රී ලංකා නාවික නෞකා ‘එළාර’ ආයතනය වෙත සහ නච්චිකුඩා ශ්‍රී ලංකා නාවික නෞකා ‘බුවනෙක’ අයතනය වෙතත් රැගෙනවිත් වෛද්‍ය පරීක්‍ෂණයන්ට භාජනය කිරීමෙන් අනතුරුව ඉදිරි නීතිමය කටයුතු සඳහා අදාල ප්‍රදේශයන්හී ධීවර පරීක්‍ෂවරුන් වෙත භාර දීමට නියමිතව ඇත.
ශ්‍රී ලංකා නාවික හමුදාව ඊයේ (12) කළ විශේෂ මෙහෙයුමකින් මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.
(36698)


( ඡායාරූප - නාවික හමුදා මාධ්‍ය ඒකකය)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd