( නිශාන්ත කුමාර)
බදුල්ල කලුගහකදුර ප්‍රධාන මාර්ගයේ කළුගහකදුර මොරලන්ද මංසන්ධිය අසල අද (14) උදෑසන සිදුවූ නාය යෑමක් හේතුවෙන් මාර්ගයේ මීටර් 40 ක පමණ කොටසක් මුළුමනින්ම අවහිර වී ඇත.
මේ හේතුවෙන් මාර්ගයේ වාහන ගමනා ගමනා ගමන කටයුතු ද මුළු මුළුමනින්ම ඇනහිට ඇත.
අද අලුයම 5.30 ට පමණ මෙම නාය යෑම සිදු වී තිබේ.
දින දෙකක පමණ කාලයක් තිස්සේ ප්‍රදේශයට ඇද හැලෙන මහ වැසි සමඟ මෙම පස් කන්ද කඩා වැටී ඇති අතර මාර්ගය වෙත කඩා වැටුණු පස් සහ ගල් කණු හේතුවෙන් ප්‍රධාන මාර්ගයට අමතරව කළුගහකදුර බීරගහඅරාව අතුරුමාර්ගයද අවහිරවී ඇත.
මාර්ගයේ සිට අඩි පන්සියයක් පමණ උසකින් යුතු මොරලන්ද කදුවැටියේ අඩි 60 ක පමණ ඉහළ සිට අඩි 40 ක පමණ පළලින් යුතු කොටසක් මෙලෙස නාය යාමට ලක්ව ඇත.
නාය යාමත් සමග ගැලවී ගිය විශාල ගල්කුට්ටි රැසක්ද මාර්ගයට වැටී ඇති අතර අද (14) උදෑසන 9 .00 පමන වන විටත් වරින් වර එම ස්ථානයේ පස් කඳු පහළට කඩා වැටෙමින් පැවතිණි.
නායයෑම හේතුවෙන් කිසිවෙකුටත් හානියක් සිදුවී නොමැති අතර එම ස්ථානයේම පිහිටි වෙළඳසැලකටද කිසිදු හානියක් නොවී බේරී ඇත.
කෙසේ වෙතත් අද (14) පෙරවරු 10.40 පමණ වන විටත් මාර්ගයේ අවහිරතාව ඉවත්කර නොතිබූ අතර පිටමාරුව, කලුගහකදුර ඇතුලු ගම්මාන රැසක ප්‍රවාහන සේවාවන්ද මුලුමනින්ම ඇන හිට තිබිණී ‘
්
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
බදුල්ල කලුගහදුර මාර්ගයේ නාය යාමක්