( බිමල් ශ්‍යාමන් ජයසිංහ)


හොරණ පොකුණුවිට වැලිගම්පිටියේදී  වෑන්රියක් සහ යතුරුපැදියක් එකිනෙකට ගැටීමෙන් සිදු වු අනතුරකින්  පොලිස් කොස්තාපල්වරයකු මියගොස් තිබේ.


 කිරිඇල්ල ,ගල්කරුකන්ද පදිංචි පිටකොටුව පොලිස් ස්ථානයට අනියුක්තව සේය කළ   තරංග ගයාන්  නම් (33) කොස්තාපල්වරයෙකි.


 සිය නිවසේ සිට රාජකාරි ස්ථානයට වාර්තා කරමින් සිටියදී මෙම අනතුර සිදු වී ඇතැයි පොලීසිය පවසයි.


 සිද්ධිය සම්බන්ධයෙන් වෑන් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.