බම්බලපිටිය සුපිරි සිනමා ශාලාවක් තාවකාලිකව වසා දැමීමට කොළඹ මහ නගර සභාව අද (14) තීරණය කර ඇත.
සිනමා ශාලාවේ ආසන කිහිපයක මකුණන් නිසා ඇති වී ඇති ගැටළුකාරී තත්තවයක් හේතුවෙන් මෙසේ සිනමා ශාලාව වසා දමා තිබේ.
කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි මහතා අද උදෑසන පළිබෝද පාලක නිලධාරියකු හා එ ස්ථානයට ගොස් කළ පරීක්ෂාවකින් පසු සිනමාශාලාව තාවකාලිකව වසා දැමීමට සිනමාශාලාවේ පාලනාධිකාරියට දැනුම් දී තිබේ.
මකුණන් ඉවත් කර යළි සිනමා ශාලාව විවෘත කිරීමට නම් අවම වශයෙන් දින පහක්වත් ගතවනු ඇතැයි වෛද්‍යවරයා සඳහන් කර ඇත.
සිනමාශාලාව විවෘත කිරීමට පෙර නැවත ඔවුන්ට දැනුම් දිය යුතු බවද සිනමාශාලා පාලනාධිකාරියට දැනුම් දී ඇත.
(36698)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කියන්නේ මැජස්ටික් සිනමා ශාලාව ගැන නේද?
මෙන්න මේවා තමයි වැඩ කියන්නේ... සුපිරි නිලධාරීන් ... ජරාව අරගෙන යට ගහන්නේ නැතුව වැඩ කරන්න. ජරාව නොදුන්නා කියලා එහෙමත් මෙහෙම කරන්න එපා.. මේ ලඟදී කෝට්ටේ ප්‍රධාන වෛද්‍ය නිලධාරීතුමත් හොඳ වැඩ කීපයක් කරලා තිබුණා. කෙලින්ම ඔබතුමාලා වැඩට බහින්න. හාල් පාරුවන් යවලා වන කරගන්න එපා...