(රංජිත් රාජපක්ෂ)
නාවලපිටිය ප්‍රදේශයේ උපකාරක පන්තියකට සහභාගි විමට ගොස් මිතුරන් සමග මහවැලි ගගේ දිය නැමට ගිය පාසල් සිසුවෙක් දියේ ගිලි මියගොස් ඇති අතර දියේ ගිලුණු තවත් පාසල් සිසුවෙක් නාවලපිටිය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇති බව නාවලපිටිය පොලිසිය පවසයි.
මෙසේ මිය ගොස් ඇත්තේ ගිනිගත්හේන මධ්‍යම මහා විද්‍යාලයේ උසස් පෙල හදාරන නාවලපිටිය හල්ගොල්ල හපුගස්තලාවේ පදිංචි විදුල රසාංජන ඉලංගකොන් නැමති 18 හැවිරිදි පාසල් සිසුවයි.
නාවලපිටිය නගරයේ උපකාරක පන්තිවලට සහභාගි වන බව පවසමින් නිවසෙන් පැමිණ ඇති ජිවිතක්ෂයට පත් සිසුවා තවත් සිසුන් කිහිපදෙනෙකු සමග මහවැලි ගගේ නාවලපිටිය හයිපොට් ප්‍රදේශයේදි ගගට බැස දිය නාමින් සිටියදි අද (13) දහවල් පමණ සිසුන් තිදෙනෙක් දියේ ගිලි ඇත.
මහවැලි ගග අසල පෞද්ගලික ඉඩමක ගොඩනැගිල්ලක් ඉදි කරමින් සිටි සේවකයන් පිරිසක් විසින් දියේ ගිලුණු සිසුන් දෙදෙනා ගොඩට ගෙන රෝහල් ගත කිරිමේදි එක් සිසුවෙක් ජිවිතක්ෂයට පත් වි ඇති අතර තවත් සිසුවෙක් නාවලපිටිය මුලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි.
දියේ ගිලුණු අනෙක් සිසුවා බාහිර රෝගි අංශයෙන් ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති බවද නාවලපිටිය පොලිසිය පැවසිය.
සිද්ධිය සම්බන්ධයෙන් නාවලපිටිය පොලිසිය පරික්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 18
272
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
184
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
991
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහවැලි ගඟේ ගිලී සිසුවෙක් මරුට