කොටගල රක්ෂිතයක ගින්නක් පශු සම්පත් මණ්ඩලය යටතේ පාලනය වන හැටන් කොටගල රොසිටා ගොවිපලට අයත් රක්ෂිතයක අද (9) පස්වරුවේ ගින්නක් හට ගෙන ඇති බව දිඹුල පොලිසිය පවසයි. 09 January 2019
පාලි හා බෞද්ධ සරසවි සිසුවෝ විරෝධතාවයක ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයීය මහ ශිෂ්‍ය සංගමය මගින් සංවිධානය කළ විරෝධතා පෙළපාලියක් අද (9) දා දහවල් හෝමාගම නගරයේදී පැවැත්විණි. 09 January 2019
පොලු පහරකින් බස් රථ රියැදුරු මරුට මොරන්තුඩුව මාවල කුරුඳුවත්ත ප්‍රදේශයේදී පොල්ලකින් පහර දී හිටපු බස් රථ රියැදුරකු ඝාතනය කර ඇතැයි මොරන්තුඩුව පොලිසිය කියයි. 09 January 2019
ඉදිකිරීම් වැඩබිමක සේවකයෙක් මරුට බෙලිඅත්ත ගැටමාන්න ප්‍රදේශයේ ඉදිකිරීම් වැඩබිමක සේවය කරමින් සිටි පුද්ගලයෙක් එම වැඩබිමේදී සිදු වූ අනතුරකින් අද(9) මියගිය බෙලිඅත්ත පොලිසිය කියයි. 09 January 2019
උඩප්පුවේ 85 දෙනකුට ලක්ෂ 6 කට වැඩි දඩ උඩප්පුව පොලිස් වසමේ විවිධ වැරදි සම්බන්ධව චෝදනා ලැබූ වැරදිකරවන් 85 දෙනෙකු පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව සියලු වරදකරුවන්ට රුපියල් හය ලක්ෂ තිස්තුන් දහසක දඩ නියම කිරීමට පුත්තලම දිසා විනිසුරු හා මහෙස්ත්‍රාත් අනුර ඉන්ද්‍රජීත් බුද්ධදාස මහතා නියෝග කළේය. 09 January 2019
විදුලි සැර වැදී පුද්ගලයෙක් මරුට සිටිනමළුව විරිත්තමුල්ල මාවතේ නිවසක විදුලි වයරයකින් විදුලිසැර වැදීමෙන් පුද්ගලයකු මියගොස් ඇතැයි බෙලිඅත්ත පොලිසිය පවසයි. 09 January 2019
බෝර 12 තුවක්කුවක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට බලපත්‍රයක් නොමැතිව බෝර 12 වර්ගයේ තුවක්කුවක් සහ පතුරම් දෙකක් රැගෙන දඩයමේ යමින් සිටි 32 හැවිරිදි පුද්ගලයකු අද (9) අලුයම අත්අඩංගුවට ගත් බව තලාව පොලිසිය කියයි. 09 January 2019
ලක්ෂ 7 ක හොර චෙක් දුන් පුද්ගලයෙක් අත්අඩංගුවට රුපියල් ලක්ෂ 7ක් වටිනා රත්තරන් තොගයක් මිලට ගෙන අයිතිකරුවන්ට ව්‍යාජ චෙක්පතක් ලබාදුන් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන අද (9) වවුනියාව අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බව වව්නියාව කොට්ඨාස නොවිසුඳුණු අපරාධ විමර්ශන ඒකකය කියා සිටියේය. 09 January 2019
බෝම්බ ඇතුළු ආයුධ ගෙන ආ සැකකරුට උදව් කළ දෙදෙනෙක් අත්අඩංගුවට වව්නියාව පුලියන්කුලම පූතූර් කෝවිල ප්‍රදේශයේ දී අතුරුමාර්ගයක බෝම්බ සහිත බෑගයක් දමා පලා ගිය සැකකරු සමඟ සෘජු සම්බන්ධතා පැවත්වූ තවත් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවට පුලියන්කුලම් පොලීසිය පවසයි. 09 January 2019
ලක්ෂයක් වටිනා රන් මාලයක් කඩා පලාගිය අයෙක් අත්අඩංගුවට හැටන් උසාවිය මාර්ගයේ ගමන් කරමින් සිටි කාන්තාවකගේ ගෙළ බැඳි රුපියල් ලක්ෂයක් පමණ වටිනා රන් මාලය කඩා පලාගොස් සැඟව සිටි සැකකරුවකු අත්අඩංගුවට ගත් බව හැටන් පොලීසිය පවසයි. 09 January 2019
බඳින තුවක්කුවක් පත්තු වී පුද්ගලයෙකු මරුට ඒරුවැව රක්ෂිතයේ ගවයන් සෙවීමට ගිය පුද්ගලයෙකු සතුන්ට අටවා තිබූ බඳින තුවක්කුවකට හසුවීමෙන් අද (08) මිය ගොස් ඇතිබව ගලෙන්බිඳුණුවැව පොලිසිය කියයි. 08 January 2019
විධායක ජනාධිපතිවරයෙක් එපා යැයි ඉල්ලා මාතලේදී විරෝධතාවයක් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම අරමුණු කරගෙන “තවත් විධායක ජනාධිපතිවරයෙක් එපා” යන මැයෙන් විරෝධතාවයක් අද (08) මාතලේ ශාන්ත තෝමස් විදුහල අසළදී පැවැත්විණි. 08 January 2019
සුපිරි වෙළඳසැලේ භාණ්ඩ සොරාගත් සේවකයා දැලේ පිළියන්දල සුපිරි වෙළඳ ප්‍රදර්ශනාගාරයකට ඇතුළු වී රුපියල් ලක්ෂ හයකට ආසන්න භාණ්ඩ සොරාගත් එම ආයතනයේ සේවකයෙකු අද(08) අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය පවසයි. 08 January 2019
සේනා දළඹුවා වට්ටක්කා - කව්පි වගාවටත් පනී සේනා දළඹු විශේෂය විසින් අම්පාර දිස්ත්‍රික්කයේ ඉරිගු වගාව මෙන්ම වට්ටක්කා සහ කව්පි වගාවන් වලට ද හානි සිදුකරන බව වාර්තාවේ. 08 January 2019
අනාරක්ෂිත ළිඳකට වැටී දැරියක් මරුට කිලිනොච්චිය මලයාලපුරම් හි නිවසක් ආසන්නයේ අනාරක්ෂිත ළිඳකට ඇද වැටී 11 හැවිරිදි දැරියක් මිය ගිය බව කිලිනොච්චිය පොලිසිය කියයි. 08 January 2019
වී ගෙනයන මුවාවෙන් බුරුත කඳන් ප්‍රවාහනය කළ අයෙක් අත්අඩංගුවට මුලතිව් පුදුකුඩිඉරිප්පු මන්නංකණ්ඩාල් ප්‍රදේශයේදී වී රැගෙන යන මුවාවෙන් දැව ප්‍රවාහනය කළ රියැදුරෙකු වනසංරක්ෂණ නිලධාරීන් හා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. 08 January 2019
පොලිසියට බාධා කළ හමුදා භටයකු අත්අඩංගුවට නීතිවිරෝධි මත්පැන් සන්තකයේ තබා ගැනීමේ සිද්ධියකට අත්අඩංගුවට ගනු ලැබු මිතුරාට ඇප ලබාදීමට පැමිණි ගුවන් හමුදා භටයකු රාජකාරියට බාධා කළැයි අනුරාධපුර පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 08 January 2019
කොටදෙනියාවේ සේනා මර්දනය කෙරේ කොටදෙනියාව තෘණ සම්පත් මධ්‍යස්ථානයේ බඩ ඉරිඟු වගා බිමේ බෝවී ඇති සේනා දළඹුවන් මර්දනය කිරීමට පියවර ගත් බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ පළාත් අධ්යක්ෂ කේ. කේ. සරත් මහතා පැවසීය. 08 January 2019
යතුරු පැදියේ ගැටී පුද්ගලයකු මරුට ගාල්ල වක්වැල්ල ප්‍රධාන මාර්ගයේ හපුගල ප්‍රදේශයේදී හෙද නිලධාරිනියක් විසින් පදවාගෙන පැමිණි යතුරුපැදියක ගැටී පාර මාරුවෙමින් සිටි පුද්ගලයකු මියගොස් ඇතැයි පොද්දල පොලිසිය පවසයි. 08 January 2019
ඉන්දීය ධීවරයින් සිව්දෙනෙක් නාවික හමුදා අත්අඩංගුවට ශ්‍රී ලංකා මුහුදු තීරයේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් සිව්දෙනෙකු සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවක් අද (07) උතුරු මුහුදේ ඩෙල්ෆ්ට් දුපතට ආසන්නයේදී නාවික හමුදාව මඟින් අත්අඩංගුවට ගෙන ඇත. 07 January 2019
පුත්තලමේදී ඇතිවූ ගැටුමකින් තුවාල ලැබු අයෙක් රෝහලේ පුත්තලම වාන මාර්ගයේ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් බරපතල තුවාල ලැබූ පුද්ගලයෙකු පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇති බව පුත්තලම පොලිසිය කියයි. 07 January 2019
ගෙලිඔය පොදු වෙළද සංකීර්ණය සඳහා මුල්ගල් තැබේ ගෙලිඔය පොදු වෙළද සංකීර්ණය සඳහා මුල්ගල් තැබීම මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නගර සැලසුම් හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය ලකි ජයවර්ධන මහතා අතින් අද (07) සිදුකෙරිණි. 07 January 2019
සරත් ඒකනායක ආණ්ඩුකාර ධූරයේ වැඩ අරඹයි උතුරු මැද පළාතේ නව ආණ්ඩුකාරවරයා ලෙස සරත් ඒකනායක මහතා අද (07) සිය ධූරයේ රාජකාරි බාරගත්තේය. 07 January 2019
ඒ.එම්.ඒ.එල්.හිස්බුල්ලා ආණ්ඩුකාර ධූරයේ වැඩ අරඹයි පළාත් සභාවට වෙන්වී ඇති බලතල උපයෝගි කරගෙන නැගෙනහිර ජනතාවට උපරිම සේවාවක් කරන බව නැගෙනහිර නව ආණ්ඩුකාර ඒ.එම්.ඒ.එල්.හිස්බුල්ලා මහතා අද (07) ත්‍රිකුණාමලය ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී සිය ධූරයේ රාජකාරි ආරම්භ කරමින් පැවැසීය. 07 January 2019
බලපත්‍ර නොමැතිව කංච බෙල්ලන් ප්‍රවාහනය කළ 2ක් අත් අඩංගුවට බලපත්‍ර නොමැතිව කංච බෙල්ලන් තොගයක් ප්‍රවාහනය කළ පුද්ගලයින් දෙදෙනකු ලොරි රථයක් සමඟ අද (07) අත්අඩංගුවට ගත් බව පුත්තලම නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ දිසා වැටලීම් අංශය කියයි. 07 January 2019
වාලම්පුරියක් කියා මුහුදු බෙල්ලෙක් දුන් දෙදෙනෙකුට ඇප වාලම්පුරියක් යැයි කියා අජීවි මුහුදු බෙල්ලෙක් ලබා දී රුපියල් හාරලක්ෂ තිස්පන්දහසක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ආයතනයක හිමිකරුවකු හා ඔහුගේ සහායකයා ගංගොඩවිල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැරීමට ගංගොඩවිල මහේස්ත්‍රාත් ඒ. එම්. ඒ. වසන්ත කුමාර මහතා නියෝග කළේය. 07 January 2019
කෝටි එකහමාරක කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට ඉන්දියාවේ සිට මෙරටට ධීවර බෝට්ටු මාර්ගයෙන් මෙරටට ගෙනවිත් තිබූ රුපියල් කෝටි එකහමාරක් වටිනා කේරළ ගංජා කිලෝ 114 අද (7) පේදුරුතුඩුව මුහුදු තීරයේදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 07 January 2019
අල්ලස් ගත් උපදේශකට සිරදඬුවම් ගවයින් ප්‍රවාහනය කිරීමට බලපත්‍රයක් ලබාදීම සඳහා රුපියල් 5,000/-ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාවට වරදකරු වු මස්කෙළිය පශූ වෛද්‍ය කාර්යාලයේ හිටපු සත්ත්ව සංවර්ධන උපදේශකවරයාට වසර 03 ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා නියම කළේය. 07 January 2019
මහවැලි ගඟේ පාවෙමින් තිබූ මළ සිරුරක් සොයාගැනේ වියපත් පුද්ගලයෙකුගේ මළ සිරුරක් කටුගස්තොට වත්තේගම මාර්ගයේ දුම්රිය පාලම අසළ මහවැලි ගඟේ පාවෙමින් තිබී අද(07) සොයා ගත් බව කටුගස්තොට පොලිසිය පවසයි. 07 January 2019
ගිනි අවියක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට තණමල්විල මීගස්වැව ප්‍රදේශයේදී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ පුද්ගලයකු අද (7) අත්අඩංගුවට ගෙන ඇතැයි තණමල්විල පොලීසිය පවසයි. 07 January 2019
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026