(දයාරත්න ඇඹෝගම)
නීතිවිරෝධි මත්පැන් සන්තකයේ තබා ගැනීමේ සිද්ධියකට අත්අඩංගුවට ගනු ලැබු මිතුරාට ඇප ලබාදීමට පැමිණි ගුවන් හමුදා භටයකු රාජකාරියට බාධා කළැයි අනුරාධපුර පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මෙලෙස අත්අඩංගුවට ඇත්තේ අනුරාධපුර ප්‍රදේශයේ ගුවන් හමුදා කඳවුරකට අනුයුක්තව සේවය කරන 39 හැවිරිදි ගුවන් භටයෙකි.
අත් අඩංගුවට ගනු ලැබු මෙම ගුවන් භටයා අනුරාධපුර විජයපුර පදිංචිකරුවෙකි. සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd