(මොහොමඩ් ආසික්)
වියපත් පුද්ගලයෙකුගේ මළ සිරුරක් කටුගස්තොට වත්තේගම මාර්ගයේ දුම්රිය පාලම අසළ මහවැලි ගඟේ පාවෙමින් තිබී අද(07) සොයා ගත් බව කටුගස්තොට පොලිසිය පවසයි.
මහවැලි ගඟේ මෘත ශරීරයක් පාවෙමින් තිබෙනු දුටු ප්‍රදේශවාසියෙකුගේ දැනුම්දීම මත පොලිසිය පැමිණ ඇත.
මිය ගිය තැනැත්තා මීට දින දෙකකට පමණ ඉහත අතුරුදන් වූයේ යැයි සැලකෙන කටුගස්තොට පදිංචි 90 හැවිරිදි තැනැත්තෙකු බව හෙළි වී ඇත.
මොහු දුම්රිය පාලමෙන් ගඟට වැටුණාද නැතහොත් වෙනත් ස්ථානයකදී වැටී ගඟේ පාවී ආවාද යන්න පිළිබඳව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd