(වසන්ත චන්ද්‍රපාල)
සේනා දළඹු විශේෂය විසින් අම්පාර දිස්ත්‍රික්කයේ ඉරිගු වගාව මෙන්ම වට්ටක්කා සහ කව්පි වගාවන් වලට ද හානි සිදුකරන බව වාර්තාවේ.
දැනට අම්පාර දිස්ත්‍රික්කයේ බඩ ඉරිගු අක්කර 3000ක් පමණ විනාශ කර දමා ඇති බව අම්පාර කෘෂිකර්ම අධ්‍යක්ෂක එම් සනීර් මහතා පවසයි.
දමන උහන වඩිනාගල පන්නල්ගම මංගලගම කෙවිලියාමඩුව යන ප්‍රදේශවල විශාල වශයෙන් හානි සිදු වී ඇත.
මඩකලපුව කෙවිලියාමඩුව සුමනරත්න විහාරස්ථානයේ ඉරිගු අක්කර 15 කට පමණ දැනට විනාශ වී තිබේ.
මේ තත්වය යටතේ ගොවීහු විශාල පිරිසක් දැඩි අපහසුතාවයට පත්ව සිටිති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ රේගුවෙන් ඕන දෙයක් රට ඇතුලට ගෙන්න දෙනවා. මේ දළඹුවා වෙන රටකින් ගෙනාපු දෙයක් වෙන්න පුළුවන්.
පරිසරයේ සමතුලිතතාවය නැතිකිරීමේ විපාක. කුඹුරක තිත්තයෙක් නැ.. කබරෙයෙක් ,වවුලෙක් ,කපුටෙක් නැ...දැන් ඉතින් විඳවන්න...