සිතුම් චතුරංග
ඉන්දියාවේ සිට මෙරටට ධීවර බෝට්ටු මාර්ගයෙන් මෙරටට ගෙනවිත් තිබූ රුපියල් කෝටි එකහමාරක් වටිනා කේරළ ගංජා කිලෝ 114 අද (7) පේදුරුතුඩුව මුහුදු තීරයේදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
උතුරු නාවික හමුදා නිලධාරීන් වෙත ලැබුණ බුද්ධි තොරතුරක් මත සිදුකළ වැටලීමකදී ප‍්‍රවාහනය සඳහා සූදානම් කර තිබූ කේරළ ගංජා තොගය හමුවී ඇති බව පේදුරුතුඩුව පොලිසිය පවසයි.
පේදුරුතුඩුව වෙරළ තීරයේ ස්ථානයක මෙම කේරළ ගංජා තොගය සඟවා තිබී ඇති අතර වැටලීම සිදුකරන අවස්ථාවේ සැකකරුවන් පලාගොස් සිටි බව පොලිසිය සඳහන් කළේය.
අත්අඩංගුවටගත් කේරළ ගංජා තොගයේ කිලෝ දෙක ප‍්‍රමාණයෙන් යුත් කේරළ ගංජා පැකට් 50 අධික ප‍්‍රමාණයක් තිබී ඇති බවද පැවසීය.
නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගය ඉදිරි විමර්ශන කටයුතු සඳහා පේදුරුතුඩුව පොලිසිය වෙත බාරදෙනු ලැබීය.
සිද්ධිය සම්බන්ධයෙන් පේදුරුතුඩුව පොලිසිය , නාවික හමුදාව වැඩිදුර විමර්ශන සිදුකරයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
කෝටි එකහමාරක කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට