(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පිළියන්දල සුපිරි වෙළඳ ප්‍රදර්ශනාගාරයකට ඇතුළු වී රුපියල් ලක්ෂ හයකට ආසන්න භාණ්ඩ සොරාගත් එම ආයතනයේ සේවකයෙකු අද(08) අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය පවසයි.
සොරාගත් දේපළ අතර අත් ඔරලෝසු 75ක්, මිල අධික සාරි, ඩෙනිම් කලිසම්, කමිස ඇතුළු භාණ්ඩ රැසක් වූ බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරැ දින පහකට පමණ ඉහතදී එහි සේවයට බැඳුණු තැනැත්තෙකු බව අනාවරණය වී ඇත.
සැකකරු රාත්‍රියේ වෙළඳ ප්‍රදර්ශනාගාරයට පැමිණ සොරකම් කරන ආකාරය සී.සී.ටී.වී කැමරාවක සටහන්ව තිබූ බවත් එහි කළමනාකරු කරන ලද පැමිණිල්ලකට අනුව දින දෙකක් පුරා කළ සෝදිසි මෙහෙයුමකින් පසුව එම සේවකයා අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවත් පිළියන්දල පොලිසිය වැඩිදුරටත් පවසයි.




2025 දෙසැම්බර් මස 18
280
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
184
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
992
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සුපිරි වෙළඳසැලේ භාණ්ඩ සොරාගත් සේවකයා දැලේ