(එච් .චන්දන)
බලපත්‍ර නොමැතිව කංච බෙල්ලන් තොගයක් ප්‍රවාහනය කළ පුද්ගලයින් දෙදෙනකු ලොරි රථයක් සමඟ අද (07) අත්අඩංගුවට ගත් බව පුත්තලම නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ දිසා වැටලීම් අංශය කියයි.
පුත්තලම දිස්ත්‍රික් නියෝජ්‍ය පොලිස්පති චම්පික සිරිවර්ධන මහතාට ලැබුණු තොරතුරකට අනුව කල්පිටිය ප්‍රදේශයේ සිට හෙට්ටිපොල දක්වා ප්‍රවාහනය කරමින් තිබූ මෙම බෙල්ලන් තොගය පාලවිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
පොහොර උර 150 පමණ මෙම බෙල්ලන් වවිධ මට්ටමින් අසුරා තිබූ අතර , සැකකරුවන් පොලීසියට පවසා ඇත්තේ මෙම බෙල්ලන් තොගය රුපියල් 18000 මුදලට මිලදී ගත් බවයි. මෙම බෙල්ලන් හෙට්ටිපොලට ගෙන ගොස් කුඩු කර කුකුල් කැම සඳහා යොදා ගන්නා බව මූලික විමර්ෂණ වලදී ආණාවර්ණය වී ඇත.
බෙල්ලන් තොගය හා සැකකරුවන් පුත්තලම පොලීසියට භාර දී ඇති අතර සිද්ධිය පිළිබඳව පුත්තලම පොලිසිය පරීක්ෂණ පවත්වන අතර සැකකරුවන් පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd