IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


අනාරක්ෂිත ළිඳකට වැටී දැරියක් මරුට

(සිතුම් චතුරංග)
          
කිලිනොච්චිය මලයාලපුරම් හි නිවසක් ආසන්නයේ අනාරක්ෂිත ළිඳකට ඇද වැටී 11 හැවිරිදි දැරියක් මිය ගිය බව  කිලිනොච්චිය පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ කිලිනොච්චිය අන්නෙයිසාරදා විද්‍යාලයේ හය ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ කිලිනොච්චිය ,මලයාලපුරම් පදිංචි බුවනේස්වරන් ඩිලානි නැමති ශිෂ්‍යාවකි.

නිවස ආසන්නයේ ළිඳකින් ජලය ගැනීම සඳහා උත්සහ කිරීමේදී පය ලිස්සා ඇඳවැටීමෙන් මෙම මරණය සිදුවී ඇති බවට පොලිසිය සඳහන් කරයි.

දැරියගේ පියා රෝගීතත්වයක් හේතුවන් නිවස තුළ සිටින අතර මව කුලී රැකියාවකට ගොස් සිටින අතරතුර මෙම අනතුර සිදුවී තිබේ. ළිඳ තුළ ජලය ඉහළ මට්ටමක පැවතීම හේතුවෙන් දැරිය එකවර දියේ ගිලී ඇති බවද පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි. 



අදහස් (0)

අනාරක්ෂිත ළිඳකට වැටී දැරියක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 992 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site