(ජේ.කේ.එල් චාමින්ද)
ගාල්ල වක්වැල්ල ප්‍රධාන මාර්ගයේ හපුගල ප්‍රදේශයේදී හෙද නිලධාරිනියක් විසින් පදවාගෙන පැමිණි යතුරුපැදියක ගැටී පාර මාරුවෙමින් සිටි පුද්ගලයකු මියගොස් ඇතැයි පොද්දල පොලිසිය පවසයි.
ඊයේ (07) රාත්‍රියේ සිදු වූ මෙම අනතුරෙන් හෙදි නිලධාරිනිය ද තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත්කොට ඇත.
අනතුරෙන් මියගොස් ඇත්තේ කේ. වයි. ප්‍රේමරත්න (62) නැමැති කදාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
පොද්දල පොලිසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd