(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

 
මොරන්තුඩුව මාවල කුරුඳුවත්ත ප්‍රදේශයේදී පොල්ලකින් පහර දී හිටපු බස් රථ රියැදුරකු ඝාතනය කර ඇතැයි මොරන්තුඩුව පොලිසිය කියයි.
 
මෙලෙස ඝාතනය කර ඇත්තේ වාද්දුව - මහරුක්ම පදිංචි එම්. සමන්ත සල්ගාදු නමැති 46 වියැති දෙදෙරු පියෙකි.
 
ඝාතනය සම්බන්ධයෙන් නීති විරෝධී මත්පැන් අලෙවි කරන පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.