(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක හා රංජිත් රාජපක්ෂ)
හැටන් උසාවිය මාර්ගයේ ගමන් කරමින් සිටි කාන්තාවකගේ ගෙළ බැඳි රුපියල් ලක්ෂයක් පමණ වටිනා රන් මාලය කඩා පලාගොස් සැඟව සිටි සැකකරුවකු අත්අඩංගුවට ගත් බව හැටන් පොලීසිය පවසයි.
සැකකරු පොන් නගර් ප්‍රදේශයේ ලදු කැලෑවක සැඟව සිටියදී හැටන් නගර සභාවේ සේවකයින් හා ප්‍රදේශවාසීන් විසින් අල්ලා පොලීසියට භාර දී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු හැටන් ආගරපතන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු අද (09) හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
(ඡායාරූප - රංජිත් රාජපක්ෂ)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd