නීතිවිරෝධී ලෙස ඇල්ලූ මුහුදු කූඩැල්ලන් තොගයක් මන්නාරම වෙරළ ප්‍රදේශයේ දී අද (14) සොයා ගත් බව නාවික හමුදාව පවසයි.
උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් සිදුකළ පා මුර සංචාරයක් අතරතුර මෙම මුහුදු කූඩැල්ලන් තොගය සොයා ගෙන තිබේ.
මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් 302 ක්, ඩිංගි යාත්‍රාවක් සහ පිටත දහන යන්ත්‍රයක් හමුවී ඇත.
මෙම මුහුදු කුඩැල්ලන් තොගය ඩිංගි යාත්‍රාවක් තුළ මලු 12 ක සඟවා තිබියදී නාවික හමුදාව විසින් සොයා ගන්නා ලදී.
සොයා ගන්නා ලද මුහුදු කූඩැල්ලන් තොගය, ඩිංගි යාත්‍රාවක් සහ පිටත දහන යන්ත්‍රය ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා යාපනය රේගු කාර්යාලය වෙත බාර දී තිබේ.
(28535)
(ඡායාරූප - නාවික හමුදා මාධ්‍ය ඒකකය)
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
නීතිවිරෝධීව ඇල්ලූ මුහුදු කූඩැල්ලන් තොගයක් සොයා ගනී