නීතිවිරෝධී ලෙස ඇල්ලූ මුහුදු කූඩැල්ලන් තොගයක් මන්නාරම වෙරළ ප්‍රදේශයේ දී අද (14) සොයා ගත් බව නාවික හමුදාව පවසයි.
උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් සිදුකළ පා මුර සංචාරයක් අතරතුර මෙම මුහුදු කූඩැල්ලන් තොගය සොයා ගෙන තිබේ.
මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් 302 ක්, ඩිංගි යාත්‍රාවක් සහ පිටත දහන යන්ත්‍රයක් හමුවී ඇත.
මෙම මුහුදු කුඩැල්ලන් තොගය ඩිංගි යාත්‍රාවක් තුළ මලු 12 ක සඟවා තිබියදී නාවික හමුදාව විසින් සොයා ගන්නා ලදී.
සොයා ගන්නා ලද මුහුදු කූඩැල්ලන් තොගය, ඩිංගි යාත්‍රාවක් සහ පිටත දහන යන්ත්‍රය ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා යාපනය රේගු කාර්යාලය වෙත බාර දී තිබේ.
(28535)
(ඡායාරූප - නාවික හමුදා මාධ්‍ය ඒකකය)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd