(චන්ද්‍ර සේන ගමගේ)
කුඩාවැල්ල ධීවර වරාය තුළදී සිව් දෙනෙකු ඝාතනය කොට තවත් 07 දෙනෙකුට තුවාල සිදු කිරීමට සම්බන්ධ සැක කරුවෙකු අද (21) දින තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත් එල්.ටී වරුසවිතාන මහතා විසින් සැකකරු ලබන 25 දින දක්වා බන්ධනාගාර ගත කරන ලෙසට නියෝග කළේය.
මෙම සැකකරු තංගල්ල මූලස්ථාන පොලීසියේ අපරාධ විමර්ශන අංශය මගින් රැදවුම් නියෝග යටතේ රදවා ගෙන සිටි නාකුළුගමුව ගලගම ප්‍රදේශයේ පදිංචි ජයලත් රණසිංහ දිසානායක රෝහිත කුමුදු කුමාර යන අයයි. මොහු යුද හමුදා විශේෂ බලකායේ සේවයේ සිටියදී පලාගිය පුද්ගලයෙකි.
අද(21) දින මෙම සැක කරු සමඟ ඝාතනය සදහා පැමිණි යතුරු පැදියද අධිකරණයට ඉදිරිපත් කරන ලදි. ලබන 25 දින ඝාතනයන් සම්බන්ධ සිද්ධියේ සාක්ෂි කරුවන් අධිකරණයට ද ඉදිරිපත් කිරීමට ද නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd