(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
අවිස්සාවේල්ල ආසනයේ සමූපාකාර ග්‍රාමීය බැංකු සංගමයේ සාමාජිකයෝ පිරිසක් බස්නාහිර පළාත් සභා ප්‍රධාන බත්තරමුල්ලේ පිහිටි ගොඩනැගිල්ල ඉදිරිපිට අද(22) උද්ඝෝෂණයක් සංවිධානය කර තිබිණි.
අවිස්සාවේල්ල ආසනයේ සමුපාකාර ග්‍රාමීය බැංකුවල සාමාජිකයන්ගේ කෝටි 54 මුදල් තැන්පත් කර තිබූ පෞද්ගලික බැංකුවක් වසා දැමීම හේතුවෙන් එම මුදල් සාමාජිකයන්ට අහිමිවීමේ අවධානමක් මතුව ඇති බව පවසමින් ඊට විරෝධය දැක්වීමට මෙම විරෝධතාව සංවිධානය කර ඇත.
ග්‍රාමීය බැංකු 28ක සාමාජිකයන් 49,000කගේ මුදල් රුපියල් කෝටි 99ක් තැන්පත් කර තිබී ඇති ඉන් රුපියල් කෝටි 54ක මුදලක් මෙසේ අස්ථානගත වී ඇතැයි සඳහන් පුවරු ප්‍රදර්ශනය කරමින් මෙම විරෝධතාව පැවැත්විණි.
මෙම මුදල තැන්පත් කළ බැංකුව ලියාපදිංචි නොකළ බැංකුවක් බවද එම බැංකුව මේ වනවිට වසා දමා ඇති බවද පැවසේ.
මෙම මුදල් ප්‍රදේශයේ විහාරස්ථානවල දායක සබාවලට, මරණාධාර සමිතිවලට, ගොවි සමිතිවලට, කාන්තා සමිතිවලට අයත් පොදු ජනතාවගේ මුදල් බවද විරෝධතාකරුවෝ වැඩිදුරටත් පැවසූහ.
වහාම පළාත් සභාව මැදිහත් වී එම මුදල් සාමාජිකයන්ට ලබාදීමට පියවර ගන්නා ලෙස විරෝධතාකරුවෝ ඉල්ලා සිටිති.

2025 දෙසැම්බර් මස 18
261
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
182
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
989
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සමූපාකාර ග්‍රාමීය බැංකු සාමාජිකයෝ උද්ඝෝෂණයක