(අනුරාධපුර දයාරත්න ඇඹෝගම)
වන සතුන් ඝාතනය කිරීම සඳහා අටවන ලද බඳින තුවක්කුවක් පත්තු වීමෙන් කිඹුල්පැටියාවේදි 46 හැවිරිදි පුද්ගලයෙකු අද (26) මියගිය බව හොරොව්පොතාන පොලිසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ කිඹුල්පැටියාව මහපොතාන පදිංචිව සිටි ඩි.එම්.අනිල් විජේනායක (46) නැමති ගොවියෙකි.
සිය කුඹුරේ වී වගාවට හානි කිරීමට පැමිණෙන මොණරුන් පලවා හැරිමට ගල් ගසමින් ඔවුන් පසුපස වෙළ ආසන්නයේ පිහිටි කැලෑව දක්වා යන අතරතුර අටවා තිබූ බඳින තුවක්කුවක් පත්තු වීමෙන් බරපතල තුවාල ලැබූ බව හොරොව්පොතාන පොලීසිය කියයි.
තුවාල ලැබු මෙම පුද්ගලයා කහටගස්දිගිලිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඔහු අද (26) රෝහලේදී මිය ගොස් තිබුණි.
සිද්ධිය සම්බන්ධයෙන් හොරොව්පොතාන පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd