පලෙයිතිව් දුපතට නාවික සැතපුමක් නැගෙනහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී දැල් භාවිතා කරමින් මසුන් ඇල්ලූ පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදාව අත්අඩංගුවට ගෙන ඇත.
එහිදී ඔවුන් සතුව තිබූ තහනම් දැල් කිහිපයක්, ඩිංගි යාත්‍රාවක්, අල්ලන ලද මුහුදු කූඩැල්ලන් 19 ක් සහ මසුන් කිලෝග්‍රෑම් 25 ක් නාවික හමුදා භාරයට ගෙන ඇත.
උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් කළ සෝදිසියකදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ අනුව, අත්අඩංගුවට ගත් පුද්ගලයින්, තහනම් දැල්, යාත්‍රාව, මුහුදු කුඩැල්ලන්, මසුන් සහ අනෙකුත් ධීවර ආම්පන්න, ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය, සහකාර ධීවර අධ්‍යක්‍ෂ වෙත භාර දීමට කටයුතු කර තිබේ.
(36698)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd