(රවින්ද්‍ර විරාජ් අබයසිරි)
ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීමට තල්පත් ලබාගත් මාතලේ ඇටිපොළ ඓතිහාසික තල්ගහගොඩ රජමහා විහාරස්ථානයේ විහාරගේ දොර කඩා ඇතුළු වූ පිරිසක් විසින් එහි තිබු පිළිම 5 ක් විනාශ කර නිධන් ලබා ගැනීමට උත්සහ කර ඇතැයි යටවත්ත පොලිසිය පවසයි.
ක්‍රිස්තු පුර්ව 1 වන සත වර්ෂයට අයත් මෙම විහාරස්ථානයේ ලෙන් 9 ක් තුළ භික්ෂුන් වහන්සේලා වැඩ සිටි බවත් එම යුගයේ දෙමළ බසින් සෙල්ලිපි පවතින රජමහ විහාරස්ථානයක් වන මෙම විහාරයේ මිල කළ නොහැකි පිළිම රැසක් නිධන් හොරුන් අතින් විනාශ වි තිබේ.
යටවත්ත හා මාතලේ පොලිසිය විසින් අදාළ සිදුවිම පිළිබඳ සිදු කරන ලද පරීක්ෂණයන්ගෙන් සිද්ධියට අදාළ බවට සැකකරන මාතලේ අලුවිහාරේ හා උකුවෙල ප්‍රදේශයන් හි පදිංචි සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර පරික්ෂණ පවත්වනු ලබයි.
එම විහාරස්ථානයේ භාර කර ස්වාමින් වහන්සේ වන අලුවිහාර විහාරස්ථානයේ විහාරාධිපති ආචාර්ය ඉනාමළුවේ නන්දරතන හිමි සඳහන් කළේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ අදහසකට අනුව ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට පත්කර මාසයක් යන්නටත් පෙර මේ සිදුවු විනාශය මෙතෙකැයි කියා කිව නොහැකි බවයි.
මෙම ප්‍රතිමා ක්‍රිස්තු පුර්ව 1 වැනි සියවසට අයත් පිළිමයි ඒවා යළි ප්‍රතිසංස්කරණය කළ නොහැකි අන්දමට අමානුෂික ලෙස විනාශ කර නිධන් ලබා ගැනීමට තැත් කළ පුද්ගලයින් අත්අඩංගුවට ගෙන නිසි දඬුවම් දීම රජයේ වගකිමක් බවත් මෙවැනි පුරාවිද්‍යාත්මක වටිනාකම් ඇති ස්ථාන ආරක්ෂා කිරිමට රජය මීට වඩා මැදිහත් විය යුතු බවත් ද විහාරාධිපතිවරයා සඳහන් කළේය.




2025 දෙසැම්බර් මස 18
255
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
181
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
988
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තල්ගහගොඩ විහාරයේ පිළිම විනාශ කර නිධන් හෑරූ තිදෙනෙක් අත්අඩංගුවට
Kasthuri Friday, 25 January 2019 09:48 AM
අහස පොලොව නුහුලන අපරාධ මේවා. මෙවැනි විනාස කරපු නොමිනිසුන්ට ස්භාවධර්මයෙන් දඩුවම් ලැබෙනවා නියතයි.