(එච්.එච් ධර්මපාල)
පිළියන්දල , ගල්කිස්ස ,මොරටුව ,බොරලැස්ගමුව යන ප්‍රදේශවල දිවා කාලයේ නිවැසියන් නොමැති අවස්ථාවල නිවාස බිඳ රුපියල් ලක්ෂ විස්සකට අධික භාණ්ඩ සොරා ගත් සැකකරුවන් දෙදෙනෙකු හෙරොයින් මිලිග්‍රෑම් 550ක් සමඟ රත්මලාන දුම්රියපොළ අසලදී අද (24) අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු බෙන්ගමුව , සොයිසාපාරේ පදිංචි 26 හැවිරිදි පුද්ගලයෙකු බවත් දෙවන සැකකරු බෙම්මුල්ල ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙකු බවත් පොලිසිය පවසයි.
සැකකරුවන් විසින් සොරාගන්නා ලද රූපවාහිණි යන්ත්‍ර,ජංගම දුරකතන,රන් භාණ්ඩ,මුදල් ඇතුළු භාණ්ඩ රැසක් ගල්කිස්ස,දෙහිවල ප්‍රදේශවලට ඉතා අඩු මුදලට අලෙවි කර තිබියදී සොයා ගත් බව ගල්කිස්ස පොලිසිය පැවැසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd