IMG-LOGO

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා


ටියුෂන් වලට දරුවන් යොමුවීම වැළැක්වීමට සැලසුමක්

(සිරංගිකා ලොකුකරවිට)

ශිෂ්‍යත්වය, සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග ප්‍රශ්න පත්‍ර විෂය නිර්දේශය ආවරණය වන පරිදි සකස් කිරීමේ ක්‍රමයක් අනුගමනය කිරීම මගින් දරුවන් අමතර පන්ති වලට යොමුවීම වැළැක්වීම සඳහා සැලසුම් සකස් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද(25) ගාල්ල සංඝමිත්තා විද්‍යාලයේදී පැවසීය.

අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.

      "අද දෙමාපියන්ට අමතර පන්ති සඳහා විශාල වියදමක් දරන්න සිදුවෙලා තියෙනවා. එක විෂයකට රුපියල් හාරදහස, පන්දහස ගෙවලා අමතර පන්ති යවන්න වෙලා තියෙනවා.  දෙමාපියන්ට මේ බර දරන්න බැහැ,

අපි මේ ක්‍රමය වෙනස් කිරීමට සැලසුම් සකස් කරගෙන යනවා. විශය නිර්දේශය ආවරණය වන පරිදි පමණක් ප්‍රශ්න පත්‍ර සකස් කිරීමට උපදෙස් ලබාදී තියෙනවා. එවිට දරුවන්ට ටියුෂන් පන්ති යන්න ඕන වෙන්නේ නැහැ. අපි මේ ක්‍රමය ගියවර ශිෂ්‍යත්ව විභාගයේදී අත්හදා බැලුවා. මෙවැනි විප්ලවීය වෙනස්කම් රාශියක් අපි අධ්‍යාපනය වෙනුවෙන් සිදු කරලා තියෙනවා."

අමාත්‍යවරයා වැඩි දුරටත් පවසා සිටියේ සුරක්ෂා සිසු රක්ෂණය යටතේ රෝහල්ගතවන සිසුවකු වෙනුවෙන් දිනකට ගෙවන ලද රුපියල් 1000ක මුදල මේ වසරේ සිට රුපියල් 3000 දක්වා වැඩි කිරීමට කටයුතු කර ඇති බවයි. 

පසුගිය අවුරුද්දේ අධ්‍යාපනය සඳහා රුපියල් ට්‍රිලියන එකහමාරකට වැඩි මුදලක් වියදම් කර ඇති බවද ගුරු හිඟය නැති කිරීම සඳහා සැලසුම් සකස් කර ඇති බවද කොට්ඨාශ කාර්යාල ක්‍රමය අහෝසි කර කළාප කාර්යාල වල සම්පත් වැඩි දියුණු කරන බවද ඔහු පැවසීය. නීතිය, ලිංගික අධ්‍යාපනය, දූෂණය පිටුදැකීම වැනි විෂයන්  විෂය මාලාවට එක් කිරීම ද සාමාන්‍ය පෙළ විෂයන් නවය, හයක් දක්වා අඩු කිරීම සිදු කරන බවද අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.

අධ්‍යාපන අමාත්‍යවරයා මෙම අදහස් දැක්වීම සිදුකළේ ගාල්ල සංඝමිත්තා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට එක්වෙමිනි.

විද්‍යාලයේ නව සුහුරු පන්ති කාමර සහිත තෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීම හා දෙමහල් බටහිර සංගීත ඒකකයට මුල්ගල් තැබීමද අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සිදුකරන ලදී.

මෙම අවස්ථාවට අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන, ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රථිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක,පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර, පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

   

 



අදහස් (1)

ටියුෂන් වලට දරුවන් යොමුවීම වැළැක්වීමට සැලසුමක්

වල්මෝර්බිම්හාර් Friday, 25 January 2019 08:04 PM

පුද්ගලික ටියුෂන් පන්ති නතර කරන එකයි වෛද්‍ය වරුන්ගේ ප්‍රයිවට් ප්‍රැක්ටිස් කිරීම නතර කරන එකයි කවදාවත් කරන්න බැරි දෙයක්. මේවා දැන් සමාජයේ හැම තැනකටම ඔඩු දුවලයි තියෙන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32037 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14500 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11238 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 31 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 290 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1236 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site